Monday 19 September 2016

විඳින්නට සිතන්නට




http://varunamultimedia.com.au/videos/btv/vmtube/ridee-tharaka-music/sihinayaki-re_-18-09-16/play.html?1

මේ වැඩ සටහන නරඹන්නට මම ඔබට ආරාධනය කරමි. මේ දියනියට මම හිස නමා ආචාර කරමි. ඇය මට බොහෝ දේ සිහියට ගෙන එයි. 

ඕස්ට්‍රලියාවේ සිටින මගේ එක් ඥාති සහෝදරයෙක් ඔහුගේ පුතුන් දෙදෙනා හදා වඩා ඇත්තේ සින්හල වචනයක් හෝ ඔවුන් නොදන්නා ලෙසටය. එහි කිසිම වරදක් නැත. නමුත් ඕස්ට්‍රේලියාවේ සිටින මගේ අනිත් ඥාති සොයුරිය නිමාලි අක්කාගේ උසස් පෙල පන්තියේ සිටින පුතුන්ට නිවෙසින් නික්ම යන කොට වඳින්නට උගැන්වීම සතුටු දනවන කාරණයකි.. අපේ ලමයින් ගෙදරදී ඉන්ග්‍රීසියෙන් කථා නොකිරීම ගැන මගේ බිරිඳගේ විශාල කනගාටුවක් තිබිණි. නමුත් අද මගේ දියනිය ගෙදරදී සින්හලෙන් කථා කරන අතර විදුහලේ ඉන්ග්‍රීසි විවාද කණ්ඩායමේ සාමාජිකාවක් වීම ගැන අප දෙදෙනාම සතුටු වන්නෙමු.

ප්‍රන්ශයේ ඉපදී ප්‍රන්ශයේ හැදුනු වැඩුනු ඇයගේ ගායනය අපට විදින්නට යමක් ලබා දෙයි. නාරද විජේසූරිය  අපිට අප ගැන අපේ රට ගැන සිතන්නට බොහෝ දේ ගෙන එයි.

4 comments:

  1. දම්සෝ පුතා, ඔබට බොහොමත්ම ස්තුතියි.ගෘහ සේවයට වසර දෙකකට රට ගිහින් එනවිට සිංහල අමතක වී එන මිනිසුන් ඉන්නා අපේ රටේ මිනිසුන් හා සසඳද්දී, ඇත්තටම ඒ දරුවාගේ දෙමව්පියෝ නම් අදහන්න වටිනා දෙදෙනෙක් විය යුතුයි.වැඩිම ගෞරවය යා යුත්තේ ඔවුන්ටයි.

    ReplyDelete
  2. සත්තකින්ම. මේ දෙමව්පියන් අපි හැමෝටම හොඳ ආදර්ශයක්.

    ReplyDelete
  3. අදහ ගන්ට බැහැ .ඔබට ස්තුතියි. ඒ දෙමාපියන්ට ගෞ රව කරන අතර ඒ දියණියට සුබ පතනවා

    ReplyDelete
  4. ඔය ලින්ක් එකට වඩා මේ youtube වීඩියෝ එක කොලිටි. මේක අහන්නකො.
    https://www.youtube.com/watch?v=TDuwBxhqqSc

    මමත් මේක ඇහුව, හරිම ආශක්ත උනා ඇයගේ ගායන හැකියාවට.

    ReplyDelete