මැල්කම් රන්ජිත් තුමාගෙ වැඩේ ගැන මට තියෙන පැහැදීම තමයි අපේ හාමුදුරු ගොල්ලො කරන විකාර එක්ක බැලුවම එතුමා ඉතාම සාධනීය හැසිරීමක් පෙන්නුම් කලා. දැන් අශෝක අලුත්ම මානයක් එක් කරනවා. අනේ මන්දා.
//මැල්කම් රංජිත් කාදිනල් තුමා ලෝකයේ ලොකුම නත්තල් ගස හදන වැඩේ නවතා
තිබෙයි. දැන් මාර සල්ලියක් රටේ ආර්ථිකයට ඉතුරු වී ඇත. එය දුප්පතුන් අතරේ
බෙදා දිය හැක. හෙට සිට ඒ නිකං සල්ලි ගත් අය පොහොසත් වනු ඇත. මැල්කම් රංජිත්
කියන්නේ ‘බොරු වියදම් එපා. දුප්පතුන්ට සල්ලි දෙන්න කියාය.” දුප්පතුන් ට
නිකන් සල්ලි දුන් විට ඔවුන් සවර්ගස්ථ වනු ඇත. දුප්පතුන් වෙනුවෙන් කල සේවයට
කාදිනල් තුමාව නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා කල හැකිය.
මා වෙසක් එකට වෙසක් කූඩු ගෙදර නොසාදා මිල දී ගෙන පත්තු කරන්නේ වෙසක් සමයට
වෙසක් කූඩු හදා විකුණා කීයක් හරි හොයා ගන්නා කෙනෙකුට උදවුවක් ලෙසටය. නත්තලට
නත්තල් සැරසිල්ලක් කරන්නේද ඒ අරමුණ ඇතිවයි.
පසුගිය වෙසක් සමයේ මා වෙසක් කූඩු මිලදී ගන්නට යද්දී මහා ධාරානිපාත
වර්ෂාවක් අද හැලිනි. පාර අයිනේ වෙසක් කූඩු විකුණන අයගේ මුහුණු වැහි වලාවටත්
වඩා අඳුරු වනු දුටිමි. වෙසක් එකට කීයක් හරි හොයා ගන්නා බලාපොරොත්තුවද
දියවී ගිය පසු පොඩි දරුවන් ද සමඟ වැස්සේ දියවුණු වෙසක් කූඩු දෙස බලා සුසම්
හෙලන කූඩු වෙළෙන්දන් ගේ පපුවේ ගිනි ඇවිලෙනු මුහුණු වලින් දිස්වුනි. නත්තලට,
අලුත් අවුරුද්දට, වෙසක් එකට, නුවර පෙරහැර කාලයට, මඩු වන්දනා සමයට, යාපනේ
නල්ලුර් පූජා කාලයට, මොනවා හෝ යමක් විකුණා ජීවත් වන මිනිසුන් දහස් ගණන්
සිටියි.
නත්තල් ගසට වියදම් යන බව ඇත්තය. ඒ ඉදිකිරීම් වෙනුවෙන් අනුග්‍රාහකයින්
වියදම් කරනු ඇත. ඒ ඔවුන් උපයන ලාභයෙන් කොටසකි. ඒත් නත්තල් ගස නොහැදුවා කියා
ඒ අනුග්‍රාහකයින් ඒ සල්ලි නිකං මිනිස්සුන්ට බෙදන්නේ නැත. නත්තල් ගස තිබුනා
නම් ඒ වටා ඇතිවන කුඩා කුඩා ආර්ථික ක්‍රියාකාරකම් කිසියම් පිරිසකගේ එදිනෙදා
ජීවින බරට රුකුලක් වනු ඇත. මේ නත්තල් ගස නරඹන්නට එන්නේ කිතු බැතිමතුන්
පමණක් නොවෙයි. බෞද්ධ, හින්දු, මුස්ලිම් අයද එනු ඇත. ජාති ආගම් වාද වසංගත සේ
පැතිරෙන මේ යුගයේ එය එක්තරා සංහිඳියා අදහසක් රෝපණය කරනු ඇත. එය මුදලින්
මිනිය නොහැකි සමාජ ප්‍රතිලාභයකි.
මේ ලොකුම නත්තල් ගස ඉලක්ක කර නොයෙකුත් අන්දමේ ආර්ථික ක්‍රියාකාරකම් සැලසුම්
කල මහා කොම්පැනි කාරයන් නොවන දහස් ගණන් දෙනා සිටින්නට ඇත. ත්‍රී වීල්
රියදුරන්, අයිස්ක්‍රීම්, සරුවත්, ෆලූඩා වෙළෙන්දන්, කුත්තු රොටී කරුවන්,
පුංචි පුංචි අරුමෝසම් වෙළෙන්දන්, වීදි කලා කරුවන් ආදී මෙකී නොකී සියලු දෙනා
ගේ නත්තල් සිහිනයට මැල්කම් රන්ජිත් වෙඩි තබා ඇත. ‘බැලුම්ගල හෙලිදරුවෙන්
පසුව ලෝකයේ ලොකුම නත්තල් ගසේ ඉදිකිරීම් නවතියි’ කියා නෙත් ප්‍රවෘති කියන්නා
උද්දාමයෙන් වාර්තා කරනු ඇසිනි. දැන් මේ සියලු දෙනාට නින්ද යනු ඇත. නත්තල්
දා රෑට සිහිනෙන් බියවී නැගිටිනු ඇත්තේ මේ වටා තම ආර්ථික කටයුතු සැලසුම් කල
කුඩා ව්‍යවසායකයින් ය
– අශෝක හඳගම//
ගෝල්ෆේස් එකේ හදන්න තිබුනේ නත්තල් ගහක් නෙමේ එල්ලුම් ගහක් :D
ReplyDeleteමේවා හදනකම් මේ ගොල්ලෝ කොහෙද හිටියෙ කියලා හිතුනාම වෙඩිතියාගන්න හිතෙන්නෙ අපිට.
මේ වැඩේ පටන්ගන්න කලින් කාදිනල් තුමාව දැණුවත් කල බවත්, වැඩේ පටන්ගන්න අවස්ථාවේ කතෝලික පියතුමකු පැමිණ ආශිර්වාදකල බවත් රූපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සංවිධායකයන් කිව්වා. එහෙනම් පස්සේ වෙනස් වුණේ කොහොමද?
Deleteනිසි ආකාරයෙන් ගොඩ නැගීම සිදු නොකල නිසා ( මෙවැනි උස දේවල් හැදීමේ පුරුද්ද ඇති සිවිල් ඉන්ජිනියර්ස්ලා, ආකිටෙක්ට්ලා ආදිය නැතිව ) මීටර් සියයට වඩා උසට මෙය හැදුවානම් කඩා වැටෙන්න තිබූ බව තමා අලුත්ම මානය. යකඩ බම්බු වල බර, සැරසිලි වල බර (පයින් කෝන්, බල්බ්, වයර්), තද හුලඟ, ගහේ උස ආදිය නිසා මෙය සෑදීම තොරණක් ගසනවාට වඩා අමාරු බවයි කියවුනේ. මේක කියා තිබුනේ සිවිල් ඉංජිනේරුවෙක්.ඇත්ත නැත්ත මම දන්නේ නෑ.ආණ්ඩුව වැඩ නැවැත්විමේ හැබෑ හේතුවත් මෙය බවට රාවයක් තිබෙනවා.
ReplyDeleteමේ කියන ආකාරයට නත්තල් ගහක් තිබුනත් නැතත් ගෝල්ෆේස් කියන්නේ මිනිස්සු කෝමත් යන තැනක් නිසාත් ආණ්ඩුව විසින් නත්තල හෝ 31 වැනිදා හෝ නිවාඩු කාලය තහනම් කර නැති නිසාත් හැබෑටම හීනෙන් බය වෙන්න වෙයිද?
කාදිනල් මැල්කම් නිකං න්‍යානසාර පාර්ට් එක බාර අරගෙන වගේ. හෙට අනිද්දට නත්තකත් සමරන්ට එපැයි කියයිද දන්නෙ නෑ.
ReplyDeleteඅපරාදෙ සල්ලි ද? හය්යෝ සල්ලි ද?
අපරාදේ මේක නතර කරපු එක.
ReplyDeleteඒ අස්සෙ හම්බන්තොට වරාය විකුණුවෙ ලේඛම්ලට ඕන විදිහටයි අර්ජුන දීපු ලිවුම් නෙමෙයි ලේකම් චීනෙට දුන්නෙ අනන් මනන් කතාත් එලියට ඇදෙනවා.. නත්තල් ගහ නැවත්තීම නත්තල් ගහ නැවතීමක් නෙමෙයි කියල හිතෙන්නෙ ඔව්ව මෙව්ව ඇහෙනකොට,ප්‍රතිචාර දක්වන වේගෙ දකිනකොට තමයි.
ReplyDeleteජයවේවා..!!
/////නත්තල් ගහ නැවත්තීම නත්තල් ගහ නැවතීමක් නෙමෙයි කියල හිතෙන්නෙ ඔව්ව මෙව්ව ඇහෙනකොට,ප්‍රතිචාර දක්වන වේගෙ දකිනකොට තමයි./////////
Deleteඇත්ත..... මේවා ක්‍රිස්මස් පොලිටික්ස්.....
කතාව ඇත්තනේ මචං .....මම හිතන්නේ නෑ කාදිනල්තුමා දැනගත්තේ ලඟදි කියල...මොකද පත්තරවලත් ගියා ඕක ගැන... නවත්තන්න තිබුනේ ... හදන්න ඉස්සෙල්ලානේ ........මැකලම් තුමා මොකක්ද කරපු සාධනීය හැසිරීම.... බාගයක් හැදුවට පස්සේ නෙමේ එහෙනම් ඒක කරන්න තිබුනෙ .... හදන්න ඉස්සෙල්ල ....ඒක නිසා මම හඳගම එක්ක ... ඔය කියන කතාව එක්ක ...අපිට රට ගැන ආදරයක් තිබුනට..... ඔය ඔක්කෝම උත්සාහ කරන්නේ මැරෙනකං වැජබෙන්න බං ....
ReplyDelete