සරත් විමලසුරිය 88/89 ගැන ඔහුගේ අපූරු අත්දැකීම් එලි දැක්කීම ඒ අන්ධකාර කාලවකවානුවෙ සරත් වැනි සිය දහස් ගනන් අපූරු මිනිස්සු ආලෝකයක් වුනු හැටි අපට මතක් කරලා දෙනවා.
ලියාපදින්චි වෛද්‍යවරු රටේ ඈත පලාත් වල කරපු අතිමහත් සේවයට නිවැරදි ඇගයීමක් ලැබුනෙ නැහැ කියලයි මම හිතන්නෙ. මේ වෙලාවෙ අපිත් එක්ක ක්‍රීඩා කරපු අකාලයේ මියගිය තවත් අපූරු මිනිසෙක් වූ මාල්වි අය්යා මට මතක් වෙනවා. හමුදාවෙ ලියාපදින්චි වෛද්‍යවරුත් ඒ වගේම ඉතා විශාල සේවයක් කරපු කොටසක්. ඔවුන් තම සේවා කාලයම ගත කලේ ඝන කැලෑවල.
88/89 කාලෙ මම උසස් පෙල පාසැල් ශිෂ්‍යයෙක්. මේ කලබැගැනියෙ උනුසුම අපිට දැනෙන්න පටන් ගත්තෙ පාසැල් වල පෙලපාලි යන්න පටන් ගනිද්දි. අපේ පාසලේ ශිෂ්‍යයන් මුලින්ම පෙලපාලියකට සම්භන්ධ කරගන්න පිට ඉස්කෝලෙක ශිෂ්‍යයෙක් තාප්පෙන් ඉස්කෝලෙ ඇතුලට පැනපු වෙලාවෙ ඔහුත් එක්ක ගැටුමකට යන්නත් උනා. ඔහු අද ප්‍රාදේශීය සභාවක යු ඇන් පී මන්ත්‍රී වරයෙක්.
පෙලපාලි වැඩේ නැගලා ගියා. හැම සතියෙම මොකක් හරි සිද්ධියකට පෙලපාලි. කව්ද ඒවා සන්විධානය කරන්න මූලික උනේ කියලා අදටත් දන්නෙ නැහැ. පන්ති වැඩ වලින් කට් එක දාන්නත් ආතල් එකක් ගන්නත් පුලුවන් අවස්ථාවක් විදියට තමයි සැලකුවෙ. පෙලපාලිය පටන් ගන්නෙ ලොකු හූවකින්. ලමයින්ව පන්ති වලින් එලියට ගන්න. පලවෙනි හූව ඇහෙන කොටම කොහොම හරි පන්ති වලින් එලියට පැනගෙන හූවට සෙට් වෙනවා. ගුරුවරු වැඩේ නවත්තන්න ට්‍රය් එකක් දීලා බැරි තැන අල්ලල දානවා. පොලිසිය ඉස්කෝලෙ වටලනවා. පොලිසියට ගල් ගහලා හූ කියලා කොහොම හරි පෙලපාලිය පාරට දාගන්නවා. අපිත් මෙලො සන්සාරේ දෙයක් දන්නෙ නැතුව කවුරු හරි අතට දීපු බෝඩ් උස්සන් ලවුඩ්ස්පීකර් එකෙන් කෑ ගහන එකාගෙ පදේට කෑ ගහනවා. දෙතුන් පාරක් කඳුලු ගෑස් පාරවලුත් කෑවා. කොල්ලො කීප දෙනෙක් අතුරුදහනුත් උනා. හැබැයි කිසි ලමයෙක් පෙලපාලි වලට සම්භන්ධ නොවී හිටියෙ නැහැ ජේ වී පී එකට බයට. ගෑනු ලමයි මරන්න දක්කනවා වගේ. ලමයින්ගෙ පෙලපාලියට පස්සෙන් අඬ අඬ එන අම්මලාගෙ පෙලපාලිය. පෙලපාලිය ඉවර වුනාම ගෙදර යන්න දුර ලමයින්ට බස් නැගැ. හැතැප්ම දහය පහලොව පයින් ආයිත් පෙලපාලියෙ. ඔය ගොන් වැඩේ මාස ගාණක්ම තිබුනා. කොහොම හරි ඒ ලෙවල් විභාගෙත් අගෝස්තුවේ තිබ්බෙ නැහැ. දෙසැම්බරේ තමයි විභාගෙ කලේ.
රාවය යුක්තිය එහෙම කියෙව්ව්ට පවන ඇහුවට මිනී මැරිල්ලට විරුද්ධත්වයක් හිතේ තිබුන නිසා බා ගන්න ඇප්‍රෝච් කරපු එවුන්ට අහු වුනේ නැහැ. යූ සී පිට්ටනියෙ කෑම්ප් එකක් දාපු නිසා ආමි එක කිට්ටුව හිටපු නිසා ගෙවල් කිට්ටුව කලබල ටිකක් අඩු වුනා.
පෙලපාලි වලට පස්සෙ ඒ කාලෙ පලවෙනි මතකය තමයි බිල්ලෙක්ට මූන දීපු එක. පාඩන් කරන්න රෑට ජීවන්ලගෙ ගෙදර ඉඳන් උදේ පාන්දර මහේෂ් එක්ක සයිකලෙන් එනකොට හමුදාවෙන් නවත්තලා තවත් කොල්ලො විසි පහක තිහක පෝලිමකට දැම්මා. හැමෝම බිල්ලා ඉස්සරහින් යන්න ඕන. ඔලුව වැනුවොත් බඩු. එදා ඉඳන් පාඩම් කරන්න යාමටත් තිත.
තවත් පාරක් පොලීසියෙන් අල්ලන් ගියා පාර අයිනෙ ඉඳලා ෂර්ට් එකක් වත් නැතිව තවත් කොල්ලො කීප දෙනෙක් එක්ක. ට්‍රක් එකේ පිටිපස්සෙ දාගෙන පැය ගානක් රවුම් ගහලා ට්‍රක් එක පුරෝගෙන පොලීසියට එන කොට නෑදැ සනුහරේම පොලිසිය ලඟ.
සැරින් සැරේ ඇඳිරි නීතිය. ඉගෙනීමක් නැතිම ගාණයි. නගරාධිපති වගේ හිටියෙ අන්ක එකේ ගන්ජා කරයෙක් වෙච්ච ප්‍රියලාල්. මාර්කට් එකෙ යතුර තිබුනෙ මිනිහ ගාව. ටික කාලෙකින් මිනිහා අතුරුදහන් උනා. තවත් බර ගාණක් මිනිස්සු මැරුනා. පොල්වත්තෙ මුලු පවුලක්ම මැරුවා. ගෙදර හිටපු බල්ලො පවා. ඕකන්දෙ එක පවුලෙ දෙන්නෙක් මරන්න ගියපු පොලිස් කණ්ඩායම රෑ එකොලහට විතර ලයිට් දාගෙන් ඉඳීමේ වරදට අපේ ගෙදරටත් ඇවිත් තුවක්කුව පපුවට තියලා පොඩි සෙල්ලමක් දාලයි ගියෙ. සරත් අය්යගෙ බාප්පා පොලිසියෙ මහත්තය මැරුවත් මතකයි. ඊට අමතරව ප්‍රේමසිරි බෙකරියෙ අය්යා, ආමි එකෙ ලෙෆ්ටිනන්ට් කෙනෙක් වෙච්ච අනුර කමල් ගුනසින්හ, පොලිසියෙ ලෙනොරා එහෙම.
ගෙවල් පිටිපස්සෙ හිටිය ජයසිරි මෙන්ඩිස් පලා බබා උදේ පහට විතර මරන වෙඩි සද්දෙ අපිටත් ඇහුනා. ගෙදර හිටපු ඥාති පුතෙකුත් මරලා තිබුනා. උදේ එලිය වැටීගෙන එද්දී මමයි ලොකු අක්කයි ගියා සිද්දිය බලන්න. ගෙදර මිනිස්සු ටික අඬා වැලපෙනවා. වෙන කිසිකෙනෙක් නැහැ. බලනකොට අපි විතරයි ඇවිල්ලා තියෙන්නෙ. ගෙදරින් බලු බැනුම්.
ඊලඟ සිද්ධිය තමයි බැනට් අන්කල්ගෙ අත. බැනට් අන්කල් පරගහතොට සොමිරැස ප්‍රෙස් එකේ අයිතිකාරයා. පුතා දමිත් මගේ හොඳ යාලුවා. උදේ පාන්දර ආරන්චි උනා. දමිත්ගෙ තාත්තා උස්සලා කියලා. ගිහින් බලනකොට වැඩේ ඇත්ත. බයිසිකල් වල නැගලා දෙන්නත් එක්ක ගම වටේම පිච්චෙන එල්ලපු මිනී බල බල යනවා තාත්තා හොයන්න. ඔහොම යනකොට එලෙක්ට්‍රිසිටි බෝඩ් එක හන්දියේ උරහිසෙන් ගලවපු අතක් එල්ලලා තියෙනවා. සයිස් එක අන්කල්ගෙ ගානම. දමිත් ඇඟිලි බලලා කිව්වා නියපොතු අස්සෙ තීන්තත් තියෙනවා මේක නම් තාත්තගෙ තමයි කියලා. ගෙදරට එක පාරට කියන්නෙ නැතුව තව ටිකක් බලමු කියලා පොරොන්දු කරවගෙන ගෙදර එක්ක ගියාට අම්මා දැකපු ගමන් බදා ගෙන අඬන්න පටන් ගත්තෙ නැතැයි. පස්සෙ ආරන්චියක් ආවා හමුදාවෙන් අරන් ගිහින් වලව් වත්තෙ කෑම්ප් එකෙ ඉන්නවා කියලා. අරන් යන්න ගේතුව තමයි ජේ වී පි එකෙන් බය කරලා පෝස්ටර් අච්චු ගහගෙන. අල්ල ගත්ත එකෙක් කියලා සොමිරැස ප්‍රෙස් එකෙන් තමයි පෝස්ටර් ගැහුවෙ කියලා. අන්තෝ ජටා බහී ජටා. අවුරුදු ගාණක් ආයු වලඳලා මීට අවුරුදු දෙකකට උඩදි තමයි අන්කල් ඇත්තටම මැරුනේ.
අන්තිමට තත්වෙ දරුනු වේගෙන එනකොට අලුත්ගම පොලිසියෙ හිටපු මාමගෙ ක්වාර්ටස් එකේ ලඟින්න උනා මාස ගාණක් තත්වෙ සමනය වෙනකන්. ඒ මූසල කාලකණ්ණි අවුරුදු දෙක තුන දහස් ගාණක් ලස්සන ජීවිත රටට අහිමි කලා. ආයෙ නම් එහෙම වෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනය කරන්නෙ.