Wednesday 31 August 2016

ඉයන්ගෙ රැල්ල

පොඩි කාලේ ගැන ලිවිල්ල පැත්තක තියලා ඉයන්ගෙ රැල්ලට එකතු වෙන්න හිතුවා. සන්ගීතෙ අබමල් රේනුවක් වත් ඇඟේ නැති වුනාට සින්දු ඇහිල්ලට ප්‍රියයි.

1. මුල්ම එක දම්සො පුතාගෙ ජාතික ගීය. සින්දුවට ගැලපෙන පින්තූරයකට මුල් පද දෙක දාලා හදා ගත්ත පෝස්ටර් එකක් දම්සො පුතාගෙ හැම ඔෆිස් කාමරේකම එල්ලුවා. කොටින්ම දකුනු සුඩානෙත්. බෝර් වල ලොක්කගෙ කාමරේ තාමත් ඒ පෝස්ටරේ ඇති කියලා තමයි හිතන්නෙ. රැල්ලට වැටිලා යන්න හිතෙනකොට මේක අහුවම ආයෙත් ලයිෆ් එක ස්ලෝ කරගන්න පුලුවන්.



2. දෙවෙනි එකත් මුල් එක කිට්ටුවෙන්ම යන එකක්. කාලෙකින් සෙට් වෙන්න බැරි එකට අනවර්තයක් විදියට කාලෙකින් මෝහෙන් මුලා වෙලා කියන්න බැරි වුනා කියලා වජිර සර් රුයි කුවේර ලෝයරයයි කියන්නෙ ඒ නිසායි.



3. පට්ට සින්දුව. හරූන් ලන්ත්‍ර මහත්තයට සලකනවා මදියි.



4. අම්ම්ල ඉන්න සින්දු අහන හැම එකාම මේකට කැමතියි. ඉතින් මමත් කැමතියි.



5. අලුත් මියුසික් කාරයා වැඩ කාරයා. 


6. සින්දුවකට කැමති වෙන්න හේතුවක් ඕනම නැහැ


7. මේ සින්දුව මුලින්ම ඇහුවේ චන්නගෙ නැටුමක් එක්ක. හිතට අල්ලන්න නැටුමත් හේතු වෙන්න ඇති



8. අමරසිරි පීරිස් ටොප් ගායකයා


9. කෙල්ලො දෙන්නෙක් ඉන්න නිසා කැමති ඇති. ඊට අමතරව මිල මුදල නිල බල යා නොදෙයි කල හොඳම විතරක් ඉතිරි වෙයි කියන පද ටික මරු


10. දම්සො දෝනි ගැනත් ගැයෙන්න එපැයි. මේ වගේ එකෙක් එක්ක සෙට් වෙච්ච එකම මැදැයි.

11. නන්දා මාලිනියත් නැතුව කොහොමද



12. කේමදාස  මාස්ටර් වගේම ටී එම් සදාකාලිකයි


13. පාදක උන චිත්‍රපටියටත් කැමතියි



14. මේවට කැමති නැත්තන් මොන්ගල් වෙන්න ඕන.



15. මේකත් මුල් සින්දු දෙකට සමානයි


16. ළඟදි තමයි මේක ඇහුවෙ. අටම්ගෙ ලිස්ට් එකෙත් තිබුනා. ලයාන්විත මූසලකම


23 comments:

  1. හොඳ තේරීමක් ( ලස්සන ගීත එකතුවක් ) හැම සිංදුවකටම පොඩි ඌණ පූර්ණයක් එකතු කලා නම් පෝස්ට් එක තවත් ලස්සනයි ...!

    ReplyDelete
  2. ලේසියෙන් ගොඩ දා ගන්න බැලුවේ.

    ReplyDelete
  3. කීර්තිය පා දින දින වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු. කරිජ්ජ පාගපු තව එකෙක්.
      සැමකල් විද්‍යා දදාති විනයන් සදසේ සුදිලේවා !

      Delete
  4. නිකමට මේකත් අහල බලන්න මේකටත් කැමති වෙයි

    සේද සිහින සුදු දුන්හිඳ ඔබ
    උස සීත නමුණුකුළ ගිරි හිස මම
    මූණ බලාගෙන මේ විදියට
    මතු ජාති ජාතියෙත් උපදින්නද.............

    නීල නුවන් නිල් තරු එළියට
    පෙම් ගීත ගයන මළ හිරුදෝ මම
    පාරමිතාවෙන් යළි උපදින
    බැස යන්නද ජීවිත පියගැටපෙළ.............

    මාළිගාව ළඟ පය පාමුල
    සුදු නෙළුමද මම සඳකඩ පහනක
    නාද නගන සඳ සඳළුව මත
    ඉමි පාද සළඹ ගීයට පෙම් බැඳ............

    මෙතනින් අහන්න

    ReplyDelete
    Replies
    1. සන්ගීතේ නැතිව රස විදින්න අමාරුයි.

      Delete
  5. හරූන් ලන්ත්‍රා මහත්තයට සළකනවා මදි තමයි.. හත්වෙනි සිංදුව විතරක් ඇහුවා.. පොඩි අමුතු ගතියක් තියෙනවා තමයි.. අනිත් පාලොහටම කොන්දේසි විරහිතව කැමතියි..

    ReplyDelete
    Replies
    1. අලුත් සින්දු වලත් හොඳ ඒවා තියෙනවා. කෙල්ලො දෙන්නා නිසා දම්සො පුතාට input ලැබෙනවා.

      Delete
    2. හරූන් ගැන දුකයි..

      Delete
  6. රහට ලියනවා. දිගටම ලියන්න. අපි ඉන්නවා කියවන්න

    ReplyDelete
  7. ඇස් දෙක පියාන ඕන සිංදුවන් රස විඳින්න පුළුවන්....හැබැයි ඉතිං තාලෙට අප්පුඩි ගහන්නවත් දෙන්නෑ මට....ඒ තරම්ම මගේ තාලය

    ReplyDelete
    Replies
    1. මගේ ජාතියේ තව එකෙක්. සන්ගීතෙ පිහිටලා නැති එකට දම්සො පුතාත් අවන්කවම කනගාටු වෙනවා.

      Delete
  8. සෝක් සිංදු සැට් එක... නැලවිල්ලේ රසවිඳින්න ඇහැකි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      බෑන්ඩ් ඒක ගල්

      Delete
  9. සිහිල් සුලන් රැල්ලේ සින්දුව ටේප් කරන කොටත් කොච්චර සීතල දැනිල තියෙනවද කියනවනම්, නෝට් කරාද කට කට ගාල කාගේද දත් එකට වදින සද්දයක් එනවා..

    ReplyDelete
  10. එල සින්දු ටික "සබඳ අපි කඳු නොවෙමු මගෙත් "ජාතික ගිය තමයි' මගේ සින්දු සෙට් එකේ කපුගේ වැඩි වුනා ඒ නිසා අකමැත්තෙන් වුනත් මේ සිංදුව අයින් කරා. සිංදු ටික එක්ක පොඩි "බැක් ග්‍රවුන්ඩ් ඉන්ෆෝ" ටිකක් වැටුනානම් නියමයි .. මෙන්න මගේ සින්දු ටික http://helmalu.blogspot.com.au/2016/08/blog-post_22.html

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. සින්දු දාසය තෝරන එකම හක්ක පනින කේස් එකක්. බෑක් ග්‍රවුන්ඩ් ඉන්ෆො ලියන්න ගියනානම් වැඩේ කෙරෙන්නේ නැහැ. ඒකයි ලඟින් නැව්වේ.
    උඹේ සින්දු ටික නම් එල. බුලතගෙ තබ්ල පාර එක්කනේ ජීවිතේ ගෙවුනෙ.

    ReplyDelete
  13. සින්දු සැට් ඒක අගෙයි..
    ජ ය වේ වා !!!

    ReplyDelete
  14. ඔයාගේ ලියවිලි ටිකනම් හරිම රහට තියෙනවා සවීන් අය්යේ. අපි හැමෝගෙම හිත්වල අතීත කාමය කියන දේ ටිකක් බරට තියෙන හින්දද මන්දා ගල ඉස්සරහ ගෙදර පඩිය උඩ ඉඳන් කාර් බස් ලොරි බෙදාගෙන ගණන් කරපු, ගෑණු පිරිමි මල් පලතුරු කරපු කාලේ ගැන ඔයා ලියපුවා හුඟක් රස වින්දා. මේ සින්දු වලට අමතරව අපි දන්න සවීන් අයියගේ ලිස්ට් එකේ තව සින්දුවක් තිබුනා. මතකද පරම්පරාවම එකතුවෙලා යන annual කතරගම ට්‍රිප් එකේදී අපි ඔයා වෙනුවෙන්ම කියන (ගයන කියන්න ටිකක් අමාරුයිනේ) "මී අඹ වනයේ ගී හඬ පතුරා" ඒක list එකකට දානවනම් හැබැයි හෙතුපාටය විදියට දාන්න වෙන්නේ ඉතින් "ලා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ" කියල තමයි

    ReplyDelete
  15. ස්තුතියි හරේන්ද්‍ර. හිතට කිට්ටු ගීත සමරවිට හොඳම ගීත නොවෙන්න පුලුවන්. ඒවගෙ සමීප ගීතයක් තමයි 'අනාත මාරුතේ'. හුඟාක් ජීවිතේට සමීප දේවල් තමන්ටම තියා ගන්න කියලා ෆේස් බුක් එකෙත් තිබුනා.

    ReplyDelete