Saturday 27 August 2016

හිච්චි පුතා

මොකක් හරි හේතුවකට පුතා කියලා ආමන්ත්‍රණය කරපු පවුලේ එකම එකා මම. පොඩි කාලේ පුතාට ඉස්සරහ කෑල්ල හි යන්නෙන් පටන් ගත්තට පසු කාලීනව ඉස්කෝලෙදි කැම්පස් එකේදි හමුදාවෙදි ඒක හු යන්නෙන් පටන් ගත්ත අවස්ථා එමටයි. අයිය නලින්, ලොකු අක්කා චම්පා. පොඩි අක්කා අවුරුදු 50ක් වෙලත් තාම බබා. සමහරුන්ට බබී. ඊලග අක්කා චන්දි. මල්ලි චූටි බබා. හය දෙනාට අමතරව තව එකෙක් උපන් ගෙයිම මලා යාන්තමින්  මතකයි. මට වඩා අවුරුදු තුනක් බාලයි. ඌ හිටියනම් හොඳ ජීවන සගයෙක් වෙන්න තිබුනා.

අපි ලොකු මහත් උනේ පටබැඳිමුල්ල කියන වෙරලබඩ ගමේ. සුන්දර වෙරළ රළු මුහුද ධීවරයො කුනුහරුප අපේ ජීවිත වලට හුගාක් සමීපයි. මුහුද මැද වෙරළට හැතැප්ම භාගයක් විතර දුරින් තිබුනු ගෙදවාන ගල හරිම සුන්දර ස්ථානයක්. වෙලාවකට ලිහිනියන්ගෙන් වැහිලා කිරිම කිරි සුදු පාටයි. ඹෝට්ටු වල නැගිලා රබර් ටියුබ් පැදගෙන ඒ ගලට යන්නෙ ලස්සන පරිසරය රසවිදින්න, මාස්ක් දාගෙන කිමිදිලා අතිශය සුන්දර කොරල් සහ වර්නවත් මාලු බලන්න වගේම ගල පුරා තිබුනු බෙල්ලෝ තම්බගෙන කන්නත් එක්කයි.

ඉලක්කම් හයක පඩියක් අරගෙනත් අග හිගකම් දැනෙන නිසා අම්මයි තාත්තයි අපිව ලොකු මහත් කලේ අමාරුවෙන් කියලා දැන් දැනුනට අපි දුප්පත් කියලා පොඩි කාලේ දැනුනෙ නැත්තෙ අපිට වඩා හුගාක් දුප්පත් මිනිස්සු අතර ජීවත් උන නිසා වෙන්න ඇති. පරම්පරාගත ප්‍රභූ වරු කීප දෙනෙක් ඇරෙන්න දැන් වගෙ බල්ලො මරලා හරි සල්ලි කාරයො වෙච්ච අය හිටියෙ නැති වීමත් එක හේතුවක් වෙන්න ඇති. සල්ලි පස්සෙ දුවන්නෙ නැතිව ලැබිලා තියෙන දේ හොඳයි කියලා හිතාගෙන සන්තෝශ වෙන්න හැකියාව ලැබිලා තියෙන්නෙ අග හිගකම් මැද ජීවිතේ පටන් ගත්ත නිසා කියලයි දම්සො පුතා හිතන්නේ.

අග හිගකම් වලට අමතරව අවුරුදු තුනක් වැඩිමල් නැන්දගෙ පුතෙක් හිටිය කරුමෙ නිසා දම්සො පුතාට අලුත් කමිසයක් කලිසමක් අදින්න ලැබුනෙ අවුරුද්දට විතරයි. ඌට මදි උන ඒව තමයි හැමදාම උරුම උනේ. ඌ දැන් එන්ගලන්තෙ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වරයෙක් නිසා උගෙ ඒවා ඇදීම පිලිබඳ ආඩම්බරයක් නැතිවාම නොවෙයි.

ආණ්ඩු වලින් කිව්වොත් දම්සො පුතා ඉපදුනේ ඩඩ්ලි මහත්තයගෙ අන්තිම කාලේ. ඉස්කෝලේ යන්න පටන් ගත්තේ මැතිනිගෙ අන්තිම කාලේ. ඕ ලෙවෙල් කලේ ජේ ආර් මහත්තයගෙගෙ අන්තිම කාලේ. ඒ ලෙවල් කලේ රතු සහෝදර වරුන්ගෙ කාලේ. රස්සාවට සහ විශ්ව විද්‍යාලෙට (දෙකම එක පාරට ලැබෙන්නෙ කලාතුරකින්) ප්‍රේමදාස මහත්තයගෙ අන්තිම කාලේ. තාත්තා කෙනෙක් උනේ චන්ද්‍රිකා නෝනගෙ අන්තිම කාලේ. විශේෂඥ උපාධිය ගත්තෙ මහින්ද මහත්තයගෙ අන්තිම කාලේ. බ්ලොග් ලියන්න පටන් ගත්තෙ සිරිසේන මහත්තයගෙ කාලේ.

මැතිනිගෙ කාලේ ආච්චි එක්ක සතොසෙ කරවල පෝලිමේ හිටිය පරම්පරාවෙ එකෙක් වීම දම්සො පුතාට ආඩම්බරයක්. ඊට අමතරව තව පෝලිමක ඉන්න උනේ එම් ඕ එච් කන්තෝරුව ලඟ හිටපු නිසා. අම්බලන්ගොඩ ඥාති සනුහරේම බඩ දරු අම්මලාට ක්ලිනික් නොම්බර ගන්න.

පොඩි කාලේ හිටපු හොඳම යාලුවා තමයි රන්ජි නොහොත් චමින්ද විජේපාල. දැන් ඔහු ඉතිරිකිරීමේ බැන්කුවේ මැනේජර් මහත්තයෙක්. අල්ලපු ගෙදර හිටිය නිසා  යාලු කම් වැඩි උනා. ඇස් පෙනීම හොඳටම අඩුයි. කොච්චර අඩුද කියනවනම් ඉන්ජිනේරු පීඨෙට තේරුනාට ඇස් පෙනීම අඩු නිසා විද්‍යා පීඨෙට උනා. ශිෂ්‍යත්වෙ පාස් වෙලා ආනන්දෙට ගියත් නිවාඩු කාලේ යාලු කම පවත්වාගෙන ගියා. අනිත් යාලුව හරිසිරිත්. නියම නම හර්ෂජිත් උනාට එයාගෙ ආච්චි කියන විදියටම හරිසිරිත් උනා. අජිත්,ලලිත්, ශාන්ත ඇතුළු තව රාශියක් හිටියා. ලොකුම වැඩේ ක්‍රිකට් තමයි. අදටත් ජීවිතේ ප්‍රධාන කොටසක් වෙන ක්‍රිකට් වලටඇබ්බැහි උනේ තාත්තා නිසා. දැන් වගෙ ටීවී නැති නිසා අමාරුවෙන් ශෝර්ට් වේව් එකේ කොමෙන්ට්‍රි අහන තරන් උනක් තාත්තටත් ක්‍රිකට් වලට තිබුනා. මල රෑ රේඩියෝ එකේ අසූ තුනේ ඉන්දියවයි වෙස්ට් ඉන්ඩීසුයි වර්ල්ඩ් කප් ෆයිනල් එක ඇහුවා මතකයි.

ටින් හත කැඩීම, හැන්ගිමුත්තන්, රවුන්ඩර්ස් අනිකුත් ක්‍රීඩා. ඊට අමතරව ගෑනු පිරිමි මල් පලතුරු, ගාලු පාරේ වාහන ගනන් කිරීම එකතැන ඉඳගෙන කරන ක්‍රීඩා.

දම්සො පුතාගෙ නොහොත් හිච්චි පුතාගෙ පොඩි කාලේ ගෙවුනෙ ඔන්න ඔය විදියට තමයි. තව බොහෝ දේ මතකෙට එන විදියට ඉස්සරහට ලියමු.

36 comments:

  1. අම්මට හැමන්ස් කියුවලු වැඩේ නැගල යයි

    ReplyDelete
    Replies
    1. Settings > Layout > Add a Gadget > More Gadgets > වල යටම තියන එක දාන්න Followers

      Delete
    2. ගුගල් රෙද්ද දෙපාරක් දාල

      Delete
    3. කොම්පියුටර් ඥානය අඩු නිසා ටිකක් ටියුබ් ලයිට් වගෙ. අටම්ගෙ සප් එක එල. ස්තුතියි.

      Delete
  2. රායිට්.. අටම පෙන්නපු පාරෙන් ආවෙ.දම්සො පුතේ..අර කියල තියනවා වගේ ෆලෝ ගැජට්ටුව එල්ලගත්තොත් අපට දිගටම එන්න ලේසියි.ලියන රටාවත් නැගල යනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් එල්ල ගත්තා. ස්තුතියි

      Delete
    2. ඔන්න අපි ගැටගහගත්තා...

      Delete
  3. අටම් ගෙන් පාර අහගෙන ආවේ...දිගටම ලියන්න...

    ඔබට ජය !!!

    ReplyDelete
    Replies
    1. අටම්ටත් ඔබටත් ස්තුතියි

      Delete
  4. //මැතිනිගෙ කාලේ ආච්චි එක්ක සතොසෙ කරවල පෝලිමේ හිටිය පරම්පරාවෙ එකෙක් වීම දම්සො පුතාට ආඩම්බරයක්. ඊට අමතරව තව පෝලිමක ඉන්න උනේ එම් ඕ එච් කන්තෝරුව ලඟ හිටපු නිසා. අම්බලන්ගොඩ ඥාති සනුහරේම බඩ දරු අම්මලාට ක්ලිනික් නොම්බර ගන්න// යකෝ අපි වගේම එළ පොරක් නේ ඒ කාලේ. දම්සෝ රතු කමිස ගැන මතක් කරපු නිසා මගේ අලුත් බ්ලොග් පොස්ට් එක වෙන් වෙන්නේ හැත්තෑගණන් වල අපේ ගමේ හිටපු රතු කමිස කාරයෙක් වෙනුවෙන්... ජයවේවා දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වැරදුනා. රතු කමීස කාරයන් කියන එක අසාධාරනයි. මම කිව්වේ රතු සහෝදරවරු කියලා.

      Delete
    2. ඔව් "රතු සහෝදරවරු" මගේ පොස්ට් එක හැත්තෑ ගණන් අග භාගයේ අපේ ගමේ සිටි එකම කොමියුනිස්ට් සාමාජිකයා ගැන . එයා පස්සේ සන්ධාන ගත වෙලා අධ්‍යාපන අද්‍යක්ෂක කෙනෙක් එහෙමත් වෙලා ශ්‍රී ලනිපය අස්සෙන්ම දියවෙලා ගියා..

      Delete
  5. දම්සො කියන්නේ පාසල නේද?

    අතීත කතාවලට හුඟ දෙනෙකු ප්‍රියයි. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. ස්තුතියි.

      Delete
  6. ෂා.. නියමයි. අටම තමයි පාර කිව්වෙ

    ReplyDelete
  7. බ්ලොග් ලියන්න පටං ගත්තෙත් සිරිසේන මහත්තයා ගේ 'අන්තිම' කාලේ වෙයිද ? අටං නං හිතං ඉන්නේ එහෙමයි..

    ReplyDelete
    Replies
    1. ප්‍රොඩක්ශන් එකේදිම එක්ස්ෆයර් කේස් එකක් නිසා එහෙම හිතුවට අවුලක් නැහැ

      Delete
  8. අටම් අයියා පාර කිව්වට බලන් ගියාම අපේ ගෙවල් ලග පුතෙක් නේ

    ReplyDelete
    Replies
    1. "අපේ" ගෙවල් කොහේද කියලා ඉස්සරහට හොයාගමු

      Delete
  9. අටම් ගෙන් පාර අහගෙන ආවේ...දිගටම ලියන්න...

    ReplyDelete
  10. දිගටම ලියන්න.. ජය වේවා !

    ReplyDelete
  11. an interesting blog... hope to read more.....
    all the best !

    ReplyDelete
  12. දැං ඔය ගෙඳවාන අවට හිටපු තුන්වැනි බ්ලොග්කාරයා. පලවෙනියා අර "අම්බලංගොඩ කතා" ලියන අම්බලංගොඩයියා. දෙවැන්නා අර "මං කොයි වගේද" කියන "දොස් තරා". දැං ඔබතමුන්නාන්සෙතුමා. සංතෝසයි. ලියන්න ලියන්න අපි එමු කියවන්න. ඉස්තුතියි .

    ReplyDelete
    Replies
    1. බදුලු කාලේ ඉවරයි දැංඅම්බලංගොඩ කාලේ , දුකද ඔයාට

      Delete
    2. බදුල්ලේ කොල්ලෝ "එළ කොල්ලෝ " නිසා ඔය වගේ කයි කතන්දර ගණන් ගන්නේ නෑ..අම්බලන්ගොඩ නෙවෙයි කුඹියන්ගොඩින් ආවත් එන එකාට අත දෙන ජාතියේ කොල්ලෝ ඉන්නේ ඔය බදුල්ල පැත්තේ .. ඔය කමියා තමයි හොඳම උදාහරණේ..

      Delete
    3. මන් කොයි වගේද පැත්තෙ ගිහින් බැලුවා. අසල්වාසියෙක් තමයි. එතුමාගෙ මල්ලි ගාමිනි විමලසූරිය දම්සො පුතාගෙ හොඳ යාලුවා. අම්බලන්ගොඩ කතා නම් පහල පන්තිවල කෙනෙක් හැඩයි. දන්න කියන කෙනෙක් වෙන්න ඕන

      Delete
  13. Ambalamgoda ඡන්ද pramanaya seegrayen වැඩි වෙන්නයි යන්නේ bolg කලාව athule... Damso පුතාගෙ මස්සිනා මා එක්ක එක ආයතනයේ රැකියාව කළේ මම ලංකාවේදී. එතුමා බොහොම හොඳ මනුස්සයෙක් ..

    Ape atanpahurage උපදෙස් අනුව phone එකට සිංහල දැම්මා .. මෙහෙම තමා ටයිප් කරන්නට පුලුවන් .. eth මදැයි ඉතිං නේද ..

    ReplyDelete
    Replies
    1. මස්සිනාල ගොඩයි කොයි එකාද දන්නෙ නෑ.

      Delete
    2. අපොයි "එකා" කියන්න එපා .. පාලිතගේ කඩේ ගාවින් ඇතුලට ගියාම තියන ගෙදර ඉන්න එක්කෙනා.. ඔයා කිලින් පොස්ට් එකේ කිව්ව මැහුම් වලට දක්ෂ අක්කගේ මහත්තය.. ඒ වගේ මස්සිනාලා ලබන්න ඉතින් පින් කරන්න ඕන.. හුළඟටවත් කරදරයක් නැති මනුස්සයෙක්..

      Delete
    3. සීයට සීයක් එකගයි. ලොකු මස්සිනා කූල් මෑන්. ඇල් වතුරත් නිවලා බොන්නේ. හැබැයි මස්සිනාලගෙ ඕනම ගේමකටත් සෙට් වෙනවා.

      Delete
    4. ඔයාගේ ඒ මස්සිනා තමයි රාජ්‍ය සේවයේ චක්‍රලේඛ වල තියන දේවල් මට ලෝභ නැතුවම කියල දීල ලොක්කන්ගෙන් ඔලුව බේරාගෙන ඉන්න කලාවට හුඟක් උදව් කරපු මනුස්සයා.. අසාධාරණේ පේන්න බැරි මනුස්සයෙක්.. දහසින් බැඳී පියලු වලටයි තනතුරු තානාන්තර වලටයි නවන්න බැරි හොඳ පිට කොන්දක් තියන නියම මහත්මයෙක්..මගේ හදවතේ ගරු කටයුතු තැනක ඉන්න මනුස්සයෙක්..

      Delete
  14. අටමට ස්තූතියි පාර කිව්වට. මේ ලිවිල්ලත් නියමයි. ජයෙන් ජය....

    ReplyDelete
  15. //ආණ්ඩු වලින් කිව්වොත් දම්සො පුතා ඉපදුනේ ඩඩ්ලි මහත්තයගෙ අන්තිම කාලේ. ඉස්කෝලේ යන්න පටන් ගත්තේ මැතිනිගෙ අන්තිම කාලේ. ඕ ලෙවෙල් කලේ ජේ ආර් මහත්තයගෙගෙ අන්තිම කාලේ. ඒ ලෙවල් කලේ රතු සහෝදර වරුන්ගෙ කාලේ. රස්සාවට සහ විශ්ව විද්‍යාලෙට (දෙකම එක පාරට ලැබෙන්නෙ කලාතුරකින්) ප්‍රේමදාස මහත්තයගෙ අන්තිම කාලේ. තාත්තා කෙනෙක් උනේ චන්ද්‍රිකා නෝනගෙ අන්තිම කාලේ. විශේෂඥ උපාධිය ගත්තෙ මහින්ද මහත්තයගෙ අන්තිම කාලේ. බ්ලොග් ලියන්න පටන් ගත්තෙ සිරිසේන මහත්තයගෙ කාලේ//

    ඒකත් මරු කාල ගණනය

    ReplyDelete