Friday 26 August 2016

පුන්චිම කාලේ


බ්ලොග් පිටුවක් ආරම්භ කිරීමට මුල් අඩිතලම වැටුනේ කවිඳුගෙ වැඩ  දැක්ක කාලේ ඉඳලා වුනාට වැඩේ කෙරෙන විදිය දැනගත්තෙ මාතලන්ගෙන්. ස්තුතිය් මාතලන්.
 https://plus.google.com/u/0/+MaathalanPriyanthaHewage/posts
https://plus.google.com/u/0/+kawindujayasinghe/posts
පලමු පොස්ට් එකෙන් ජීවිතේ මුල මතක හරිය ආවර්ජනය කරන්න උත්සාහ කරන්න හිතුනා. මට ජීවිතේ මුලින්ම මතක පටබැඳිමුල්ලේ පාලිත කඩේ ඉස්සරහ ගෙදර. විශාල ගෙයක්. ඉස්සරහ අරලිය ගහක් තිබුනා. පිටි පස්සේ ලිඳක් තිබුනා. ගෙදර පවුල් දෙකක් හිටියා. අනික් පවුලේ කෙනෙක් තමයි  කාල්ටන් නීතීඥ මහත්මයා. ඉස්සරහ මිඳුලේ ක්‍රිකට් ගහපු හටි, අරලිය ගහේ නැගලා ගාලු පාරේ වාහන ගනන් කරපු හැටි හොඳට මතකයි. අපි හිටියේ කුලියට. ගේ අයිති කරුනා ආච්චිට. කරුනා ආච්චි අපේ හිච්චි අම්මාගේ නැන්දම්මා. ගමට හිටිය ගිනි පොලී කාරි.

ඒ ගෙදර මතක තියෙන විශේෂම සිඳුවීම තමයි ලිඳේ වැටීම. පොඩි අක්කා එක්ක නාන්න ගිහින් ලිඳේ වැටිලා පහල ගෙඳර අය්යා කෙනෙක් ලිඳට බැහැලා තමයි ගොඩට ගත්තේ. එදා තමයි බොහෝ වාර ගනනක් අතුරින් පලමු පාරට ජීවිතේ බේරුනේ. 

දම්සො පුතාගෙ පවුල සුලු පටු නැහැ. දරුවෝ හය දෙනයි. ඊට අමතරව ආච්චියි, තව ඥාතියො කීපදෙනෙකුයි. මේ ගෙදර නම් පොඩිම එකා හිටියෙ නැහැ

ඒ ගෙදරින් පස්සේ තවත් ගෙදරක හිටියා මතකයි. ඒ ගෙදර අයිතිකාරි මේරි ආච්චි. ඊටත් පස්සේ තමයි දම්සො පුතාලගෙ කියලා අම්බලන්ගොඩ හැමෝම හිතන් ඉන්න පටබැඳිමුල්ලේ ගල ඉස්සරහ ගෙදරට ආවෙ. 1976 මට මතක විදියට. හැබැයි මේ ගේත් දම්සො පුතාලගෙ නෙවෙයි. ඒක අයිති උනෙ දම්සො පුතාගෙ හිච්චි අම්මට. අවුරුඩු විස්සක් විතර දම්සො පුතාගෙ ජීවිතේ ගෙවුනෙ මේ ගෙදර තමයි.

පවුලෙ විස්තර ටිකකුත් මේ ගමන්ම කිවුවොත් හොඳයි කියලා තිතුනා. තාත්තා මහාමාර්ගෙ ඔවර්සියර් කෙනෙක්. හොඳ සමසමාජ කාරයා. ඒ කාලේ රතු ෂර්ට් එක ඇඳගෙන මැයි දිනේට යන හැටි තාම මතකයි.  අම්මා ගෙදර. අම්මා ජාතික නැටුම් කන්ඩායමේ සාමාජිකාවක් විදියට හිටියා කියලා දම්සො පුතා අහලා තියෙනවා. යුරෝපෙ එහෙමත් සන්චාරය කලාලු. පවුල බරවැඩි නිසා අම්මා කුලියට ඇඳුම් මැහුවා. ලොකු අක්කා දක්ශ ඇඳුම් මහන්නියක් උනෙ ඒ ආභාශයෙන් කියලා තමයි කියන්නෙ.

පොඩි කාලේ විස්තර හුඟාක් තියෙන නිසා මුල්ම පොස්ට් එකට බර වැඩි වෙයි. දම්සො පුතා කෝඩුකාරයා නිසා අඩුපාඩු වලට සමාවෙන්න ඕනේ. ඉතිරි විස්තර හිමීට ලියන්න බලමු.

21 comments:

  1. බ්ලොග් ලොවට සාදරයෙන් පිලිගන්නවා. අපේ කතා කියවීම උත්තේජනයක් වුනා ලියන්න කියලා අහන්න සතුටුයි. අපි එකට එක හොස්ටල් එකේ හිටපු කාලේ කතාත් දම්සෝ පුතා පෙලගස්වයි කියලා හිතනවා. ජයවේවා..
    මාතලන් වැනි අලුත් බ්ලොගර්ස්ලට අත දෙන්නන් ගැන අහන්න ලැබීම සතුටට කාරණයක්.. ජයවේවා !!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කවිඳු. මහමෝදර විස්තර හරිම රසවත්. මූනා සහ බ්‍රයිටා ඒකේ අනිවාර්ය චරිත දෙකක්. බ්ලොග් කලාවේ ප්‍රවීනයෙක් ලෙස ඔබේ දිරිගැන්වීම ඉතාමත් ධෛර්යයක්.

      Delete
  2. තවත් බ්ලොග් එකක් අපේ ගම මුලික කරගෙනම පටන් ගත්තු එක ගැන උණුසුම් සුභ පැතුම්.. බ්ලොග් එකේ නමින්ම කියවෙන්නේ නම් අපි දෙන්නම එක ඉස්කෝලේ ආදිශිෂ්‍ය වගේ.. ලියමු ලියමු බොහොම රසවත් වේවි කියල හිතෙනවා.. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. බ්ලොග් ලොවේ අම්බලන්ගොඩයා වෙන්න ලැබුනා නම් වඩාත් සතුටුයි. දම්සො පුතා වෙන්න ලැබීම ඊට නොදෙවනි සතුටක්. ඔබේ කතා තුලින් නැවත අතීතයට ගිය වාර අනන්තයි. දිරි ගැන්වීමට ස්තුතියි.

      Delete
    2. මං මේ උබටයි සරත් ලොක්කටයි පනිවිඩේ කියන්ඩ කියල හැදුවේ

      Delete
  3. ජයවේවා! 'කවිඳු' සිංහල බ්ලොග් වෙනුවෙන් කරන මෙහෙය විශිෂ්ටයි.. දිගටම ලියමු.. දන්නා කියන පැති ගොඩයි.. :)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් පිටු කියවන්න පුරුදු උනේ කවිඳුගෙ ලියවිලි වලින්. විශ්ව විද්‍යායාලේ එකම හොස්ටල් එකේ සමකාලීනයන් ලෙස අපේ ඇසුර සෑහෙන පරනයි. ඔබේ දිරිගැන්වීමට ස්තුතියි

      Delete
    2. අයියෝ කවිදු ලියනවා හරි නැනේ

      Delete
  4. නියමයි.
    රසවත්ව ලියන්න. අපි ඉන්නව කියවන්න.

    ReplyDelete
    Replies
    1. බ්ලොගර් ෆලෝවර් එක දාගත්තොත් මේ පැත්තෙ එන්න ලේසියි.

      Settings > Layout > Add a Gadget > More Gadgets > Followers

      Delete
    2. ඔබේ දිරිගැන්වීමට ස්තුතියි

      Delete
  5. සුළු දෙයක් ගනන් ගන්න එපා..

    දිගටම රහට ලියන්න

    ReplyDelete
  6. Hi ayya

    All the best .Are you in uk? We are in uk now.

    Thusitha

    ReplyDelete
  7. අතීත කාමය.....!!"


    ජයවේවා

    ReplyDelete
  8. දන්න කියන තැන් නේ... පොඩි කාලේ අපිත් ක්‍රිකට් ගැහුවේ ඔය හරියෙ තමයි එත් එ 90 ගනන් වල අග.... ඔයලගේ පොඩි මල්ලිත් එක්ක

    ReplyDelete
    Replies
    1. දන්න කියන අය මේ පැත්තේ ආවට ස්තුතියි.

      Delete