Monday 12 September 2016

They will bring you sweets


කවිඳු ගෙ පවුල ගෙන්නා ගැනීමෙ  ණයට ඉල්ලා අමනාප නොවන්න පෝස්ට් එකෙන් පස්සේ මේ සිද්ධිය ලියන්න හිතුවා.කථාවෙ නිමිත්ත සමාන උනාට ඒ යටින් යන ඛේදවාචකය නම් ටිකක් controversial තේමාවක්. ජාතිවාදය අතිශය ආකර්ෂනීයයි. නැගලා යන සීන් එකක්. දම්සො පුතාගෙ අදහස නම් අපි හැමෝම කිසිම වෙනසක් නැති එකම මනුෂ්‍යය ජාතියක් කියලයි. අහම්බයක් විදියට උපතින් ලැබෙන ජාතිය ආගම නිසා අපි දුරස් වෙන එක අපිට උරුම කරපු සදාකාලික කරුමයක්. ජාතිවාදීන් මුල මැද අග නොදකින අන්ධයන් රැලක් වැනිය කියලා බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හමුදුරුවෝ කියලා තියෙනවා.


ඉතින් කථාවට බහිමු. මේක සිද්ධ වෙන්නේ යුද්ධෙ නැගලම යන කාලේ. දම්සො පුතා පශ්චාත් උපාධියට තේරුනා. ඒ කණ්ඩායමට ආවා දෙමල අය හතර දෙනෙක්. මේ හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම කොලඹ ආපු පලවෙනි වතාව. එක් කෙනෙක් මුලතිව් වල ඉපදිලා යාපනේ හැදිලා වැඩිලා කොලඹ රස්සව කරපු කෙනෙක්. ඔහුට අපි ඇන්තනි කියමු. ඇන්තනි දැන් නම් ලෝක සෞඛ්‍ය සන්විධානෙ ලොක්කෙක්. අපේ කථානයකයා (එයාට අපි මුරලි කියමු ) ඇතුලු ඉතිරි තුන් දෙනාම කොලඹ ඇවිත් තියෙන්නෙ පලවෙනි වතාවට. දන්න කියන දවසේ ඉදන් ඔවුන් අහල තියෙන්නෙ සින්හල ජාතිය මිනීමරු අසමජ්ජාති ජාතියක් කියල විතරමයි.

ඔන්න කෝස් එක පටන් ගන්න දවසේ මුලින්ම තිබුනා එකිනෙකා හඳුනා ගැනීම. දම්සො පුතාත් නැගිටලා තොම්බුව කිව්වා. වැඩ කරන තැනත් කියන්න එපැයි. එදා හමුදාවෙ වැඩ කරන්නෙ කියලා කියුව වෙලාවෙ ඉඳන් අපේ යාලුවො තුන් දෙනා මූනවත් බලන්නෙ නැහැ. ඇන්තනි නම් තේ වෙලාවෙ. කෑම වෙලාවෙ ලාවට වචනයක් දෙකක් කතා කරනවා. 
ඔහොම මාසයක් විතර ගත වෙලා ගියා.

කතාවෙ ඉතුරු ටික කියන්න කලින් පස්සෙ කාලෙක මුරලි කියපු අතිශය සන්වේදී ජීවිත් අත්දැකීමක් කියන්න ඕන කියලා හිතුනා.මුරලි ඒ ලෙවල් කරලා ඉවර වුනේ රිවිරැස ඔපෙරේෂන් එක පටන් ගන්න ටික කාලෙකට කලින්. වෛද්‍ය විද්‍යාලෙට තේරිලා ඉන්න අතරතුරේ ටියුෂන් කරගෙන හිටියේ. ඒ අතරෙ යාපනේ යුද්ධෙ පටන් ගත්තා. පලවෙනි දවසෙම යාපනේ මිනිස්සු ගෙවල් අතහැරලා යන්න පටන් ගත්තා කොටින්ගෙ අන උඩ. මුරලි ටියුෂන් ඉවර කරලා ගෙදර එනකොට පවුලෙ උදවිය කිලිනොච්චි යන්න ගිහිල්ලා. මිනිස්සු කොටින්ගෙ පැත්තට පලෙයි මුර පොල හරහා කිලිනොච්චි වලටත් පේදුරුතුඩුවේ හමුදාව යටතේ තිබුනු ප්‍රදේශයටත් සම සමව ගියා. අම්මලා තියලා තිබුනු පනිවිඩේට මුරලිත් කිලිනොච්චි යන්න පලෙයි වලට එනකොට රෑ බෝ වෙලා මුර පොල වහලා. එලිවෙනකම් හිටියා උදේට එහා පැත්තට යන්න. මෙහෙම ඉන්න අතරෙදි මුරලි ටියුෂන් දෙන ගෑනු ලමයකුගෙ තාත්තා කෙනෙක් හම්බ වෙනවා. එයා ඉන්ජිනේරු මහත්තයෙක්. එයා කියනවා කැම්පස් තේරිලා ඉන්න නිසා කිලිනොච්චි යන්න එපා පේඩුරුතුඩු යන්න කියලා. හමුදාවෙන් යාපනේ අල්ල ගත්තට පස්සෙ කැම්පස් යන්න පුලුවන් නිසා. කිලිනොච්චි ගියොත් කොටි ආපහු එන්න දේවිද කියන එක සැකයක්. මුරලි ලෝක දෙකක අතරමන් උනා. අම්මලා ගාවට යන්නද මේ මහත්තයා කියන දේ අහන්නද. රෑ එලි වෙනකම් නින්දක් නැහැ හිත සැරින් සැරේ වෙනස් වෙනවා. රාත්‍රිය සෑහෙන්න දිගයි.
අවසානේ තීරනය කරනවා. පේදුරුතුඩු යන්න. පස්සෙ ඉන්ජිනේරු මහත්තය කියපු දේ සැබෑ වෙනව. මුරලි දොස්තර කෙනෙක් වෙනවා. පවුලෙ උදවිය නැවතත් යාපනේ එනවා.මුරලි කියන්නේ කිලිනොච්චි ගියානම් එය කොටියෙක් වෙලා මැරිලා යයි කියලයි. ඒ මුරලිගෙ සුඛාන්තය. අපි නොදන්නා කී දාහක් දෙමල තරුණයන්ගෙ ජීවිත ඛේදාන්තයක් වෙලා ඇතිද. යුද්ධය කොහොමත් කුරිරුයි. අපේ ඔක්කොගෙම ජීවිත කාලකන්නි කලා.

ආපහු කියාගෙන ආපු කතාවට යමු. මුරලිගෙ නෝනයි ලමයි දෙන්නයි යාපනේ තියලා තමයි කෝස් එකට ඇවිත් තියෙන්නේ. කලබලේට නියම දවසට එන්න ඕන නිසා. කට්ටියව ගෙන්න ගන්න විදියක් නැහැ යාපනේ ඉඳන් එන සිවිල් ප්ලේන් එකෙ ටිකට් ගන්න අමාරුයි. රුපියල් තුන් දාහෙ ටිකට් එක හැටදාහට කලු කඩේ විකුනන්නෙ. හැට දාහට ගන්නත් ඇඳුරුම් කම් තියෙන්න ඕන. යුද්ධය හොඳ ජාවාරමක්. මුරලි සෑහෙන ට්‍රයි එකක් දුන්නත් වැඩේ කරගන්න බැරිව මාසයකටත් වඩා ගෙවිලා ගියා. දැන් නම් මුරලි වහ බොන ගාණට ඇවිත්. බැරිම තැන ඇන්තනි කිව්වා දම්සො පුතා හමුදාවෙ නිසා එයාටවත් කියලා බලමු කියලා. මුරලි කැමති උනේම නැහැ. කොටි උගන්නපු ජාතිවාදේ තදින්ම තිබුනා. බැරිම තැන හතර දෙනාම ඇවිත් දම්සො පුතාගෙන් උදව් ඉල්ලුවා. දම්සො පුතා පොරොන්දු උනා මොනව හරි කරන්න බලන්න.

යාපනේ හිටපු සිවිල් සම්බන්ධීකරණ නිලධාරියා පොඩ්ඩක් විතර දන්න කෙනෙක්. අමාරුවෙන් ටෙලිෆෝන් කෝල් එකක් අරන් විස්තරේ කිව්වා. මෙයා අඳුරගෙන ටික කාලයයි. කිසිම විස්තරයක් දන්නෙ නැහැ. ආරක්ෂක ප්‍රශ්න නැත්නම් විතරක් පුලුවන් උදව්වක් කරන්න කියලා. නිලධරියාටත් කලින් උදව් කරලා තියෙන නිසා වැඩේ බලන්න පොරොන්දු උනා. ටිකට් කරන ඒජන්ට් ගෙන්නලා වැඩේ බලන්න කිව්වා කියන පනිවිඩේ ලැබුනා.


සති දෙකක් විතර ගියා. වැඩේ උනේ නැහැ. හමුදාවෙන් කිව්වත් වැඩේ නොකෙරෙන ගානට ටිකට් ජාවාරම තදයි. මුරලිට පිස්සු වගේ. වහ බොන ගානට කියලා ඇන්තනි කියනවා. ආපහු නිලධාරියට කතා කරලා වැඩේ නොකෙරුන බව කිව්වා. මිනිහට අසූ හාර දාහට මල පැන්නා. ඒජන්ට්ව නැවත ගෙන්නලා වැඩේ උනේ නැතිවුනොත් වෙඩි තියෙනවා කියලා තර්ජනය කලයින් පස්සෙ තමයි ටිකට් හම්බවුනේ.


මුරලි එස් එම් එස් එකක් එවනවා දම්සො පුතාට

They will bring you sweets.

32 comments:

  1. ලංකාවේ හැමෝටම තිබිය යුත්තේ මෙන්න මේ මනුස්සකමයි. නැත්තෙත් ඒකයි!

    (මම අර හමුදාවක හිටියයි කිව්ව ඇනෝ)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. සින්හල දෙමල මුස්ලිම් සියලු ආකාරයේ ජාතිවාදය මේ රට සීඝ්‍රයෙන් පස්සට අරගෙන යනවා.

      Delete
    2. "මුරලි" අදටත් ඉතා කිට්ටු මිත්‍රයෙක්.

      Delete
  2. මොන මොන විදිහෙන් හරි බෙදීම් කලේ නැත්තම් පාලනය හරි අපහසුයි.. මුන් පිස්සුනෙ කෙලින්නෙ.ඒ නිසා එකතු වෙන්න දෙන්නෙම නෑ.. අන්න දැන් කොල්ලො කෙල්ලොත් ආය බෙදනවා ප්‍රයිවට් කැම්පස් රජයේ කැම්පස් කියලා.උන් දෙගොල්ලො ෆෝම් කරල තිබ්බම ප්‍රශ්න ඉවරයිනෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  3. / ඒජන්ට්ව නැවත ගෙන්නලා වැඩේ උනේ නැතිවුනොත් වෙඩි තියෙනවා කියලා තර්ජනය කලයින් පස්සෙ තමයි ටිකට් හම්බවුනේ.*/

    අන්න එහෙම සියළු ම ප්‍රශ්න තුවක්කුවෙන් ම විසඳමු.

    ReplyDelete
    Replies
    1. අක්කරේක විතර ලස්සන තණ පිට්ටනියක ගූ බෙට්ට විතරක් පේන්න ගිය ආත්මෙ පොඩි පවක් කරලා තියෙන්න ඕන.

      Delete
    2. ගූ බෙටි උදාහරණය තරමක් හරි.

      නමුත් මරණ තර්ජනය කියන්නේ ඊට වඩා අතිශය භයානක දෙයක්.

      Delete
    3. From your comment all can realize your intention towards SL army (අට පාස් ආම් කාරයෝ ) Get lost you stupid punk.
      ආම් කාරයෝ Post Graduation කරාම අව්ල් ද ?????

      Delete
    4. අප්පෝ එහෙම කියන්න එපා ඇනෝ කට්ටියට තරහ යයි. ආමි කාරයො දන්නෙ කුලියට වෙඩි තියන්න විතරයි.

      Delete
    5. දාහෙ මිටිවලින් වැහුන ඇස් ඇරෙන්න දාහෙ මිටිය හිල්වෙන්න වෙඩි තියන්නම වෙනවා.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. මට පොඩි ප්‍රශ්නයක් මේක නරන්න ඕනි හරි ක්‍රමය මොකක්ද?

      Delete
    8. රසික මහත්මයා,අපේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සු, ඔබතුමා වගේ නිවැරදි දේම පමණක් කරන, විනයානුකූල, උගත්, බුද්ධිමත්, පරාර්ථකාමී,පිරිසක් නෙවෙයි.අපේ රටේ මිනිසුන් ලවා යමක් කරන්නට නම් බලහත්කාරය ,බලය යොදවන්නම වෙනවා. අනේ රත්තරන් මල්ලිලා අන්න අතනට ගෙම්බා පැනල එන්න කිව්වට කෙරෙන්නේ නැහැ.අට පාස් ආමි එකේ වගේම ඔබතුමාලගේ කැම්පස් වලත් අලුත් එවුන්ට ඒක කරවන්නේ පැනපිය හු.... පුතා අතනට ගෙම්බා කියල පුකටත් පයින් පාරක් ගහල.එහෙම නැත්නම් පනියිද ගෙම්බා.අපේ මිනිස්සුන්ගේ හැටි එහෙමයි. ඔබ තුමාගේ සිඩ්නි දේශයේ එහෙම නැතුව ඇති.තර්ජනය කලාට එතන වෙඩි තිබ්බ කියල තියෙනවද? මිනිස්සු කේන්තියට "මම තෝ මරනවා" කියපු තරමට මැරුව නම් අද ලංකාවම හිස්. මෝඩ තර්ක ගෙන්න එපා මහත්තයෝ

      Delete
  4. මිනිස්කමට ජාති , ආගම් , කුල මල , උපන් ප්‍රදේශේ , ගිය ඉස්කෝලේ , කරන රස්සාව ඔය කිසිදෙයක් බලපාන්නේ නෑ .ඔබේත් මගේත් නවතම බ්ලොග් පොස්ට් දෙකෙන් කියවෙන්නේ ඒක... ඒක නොපෙනී වෙන වෙන පුංචි පුංචි දේවල් ඉල්ලිප්පි පෙනෙනවා නම් අපේ කට්ටිය දේවල් තේරුම් ගන්න ක්‍රමේ පොඩි වැරද්දක් තියෙන්න ඕනේ තමයි

    ReplyDelete
    Replies
    1. මොනවා කවිඳු,
      පුරවැසියෙකුව ආමිකාරයෙකු ලඟට කැඳවා මරණ බවට තර්ජනය කිරීම පුංචි, පුංචි දෙයක් කියලාද ඔබට පේන්නේ?
      පුදුමයි!

      Delete
    2. තුන් දාහෙ ටිකට් එක හැට දාහට විකුනන එක සාධාරන වැඩේ. ස්තුතියි තේරුම් කරලා දුන්නට. අට පාස් ආමි කාරයොන්ට කොහොමත් මොලේ ටිකක් අඩු නිසා තේරුන් යනවා අඩුයි

      Delete
    3. තුන් දාහෙ ටිකට් එක හැට දාහට විකුනන එකේ අසාධාරණයට විසඳුම අවි බලය ඇති අයෙකු විසින් මරණ තර්ජනයක් කිරීම නොවන බව අපට තේරුම් ගන්නට බැරි නම් අටවෙනි ශ්‍රේණිය නොව, රට, නොරට පශ්චාත් උපාධි ගත්තා වුව ද වැඩක් නැහැ!

      Delete
    4. ස්තුතියි. දැන් හරියටම තේරුම් ගියා, ඔබ තුමාට පින්.

      Delete
    5. ඔය රසික කියන එකාට කොහොමත් පොඩි මොලේ කචල් එකක් තීයෙනවා ගණන් ගන්න එපා බොස්.

      Delete
    6. එහෙම කියන්න එපා මචන්. හුඟාක් කල් ඉඳන් බ්ලොග් ලියන නිසා එතුමලා අපිට වඩා දැනුම් තේරුම් තියෙන අය. හරියටම නම් ලියපු බ්ලොග් එකක් පබ්ලිෂ් කරන්න කලින් එතුමන්ලට පෙන්නලා ඇපෲවල් ගන්න ඕන මම නම් හිතන්නෙ.

      Delete
    7. oya rasika kiyana pudgalaya thamange aathmya puraa giya pilikaawa thiyagena anunge kurula gedi inno hoya hoyaa kapanna dagalana porak.owa wadiya ganan ganna epa.blog kiyawana bahutharaya oha dannawa.

      Delete
    8. ඔතන රසික මහත්මයාට තියෙන මූලිකම අවුල "අට පාස් ආමි කාරයෙක් " ඔය තර්ජනය කල එක.ටයි කෝට් ඇඳපු, උපාධි ,පස්තාච් උපාධි කරපු රසික වගේ පොරක් පිස්තෝලයක් දික්කරල ඔය තර්ජනය කලානම් අවුලක් නැහැ.

      Delete
    9. "පශ්චාත් උපාධි" ලෙස නිවැරදි විය යුතුයි

      Delete
  5. ආසාවෙන් කියෙව්වා.

    කාට හරි කරදරයක් වුනාම කටින් හරි වෙඩි තියලා පිහිට වෙන්න පුළුවන්වීම ලොකු දෙයක්. ඒකෙන් කොහෙවත් කියන්නේ නෑ වෙඩි තියලා මරලා දානවා කියලා.
    then they will bring you proper smile!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අවස්ථානුකූලව එහෙම කිව්වට මේ නිලධාරියා දම්සො පුතා දන්න හොඳ වැදගත් මනුස්සයෙක්. ඔහු යාපනයේ සිවිල් ජනතාව අතර ඉතා හොඳ නමක් තිබුනු කෙනෙක්. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියලා සමහරු කිව්වට සිවිල් සම්බන්ධීකරණයට තෝරාගත්තෙ ඉතා හොඳ නිලධාරින්. මේ ටිකට් ඒජන්ට්ලා වැඩ කලේ කොටි අණ මත කියලත් කිව යුතුයි.

      Delete
  6. oya Rasika kiyana puhu manna karaya Maathalanta bara demu, pukata wedityiyanna

    ReplyDelete
  7. doctor,maathalan wagema, rasika kiyanneth me blog loke api dakapu lokuma beti deka.pahugiya tikema blog loke gada gassuwa.oya gu beti wlata uthhara denna uwamanaa naha.economatta wage nosalee liyanna.api kiyawanawa.

    ReplyDelete
  8. ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට. ඔබ වැනි අය මෙකේ ඉන්න එක ලොකු දෙයක්. ටික කලක් හරි රැඳෙන්න ඒක ලොකු හයියක්. නැත්නම් ආ පයින්ම යන්නත් හිතුනා අඩිය තියලා තියෙන්නෙ ගූ වලකට කියලා හිතිච්ච නිසා.

    ReplyDelete
  9. පස්තාච්චි කුපාඩියා මෙතනත් රීල නේද

    ReplyDelete