Friday 23 December 2016

පුතා ආපහු යන්න












වැහි බීරුම ටික ටික අඩු වෙනවා. පොඩි කාලෙ ඉඳලා ලෝර්ඩ්ස් ගැන අහල තිබුනට මෙහෙම මැච් එකක් බලන්න ලැබෙයි කියලා හිතුවෙ නැහැනෙ. තව පොඩ්ඩෙන් ඒ හීනෙ වැස්සට හේදෙනවා. 

දකුනු පැත්තෙ ස්ටෑන්ඩ් එකේ ලන්කාවෙ කට්ටිය පිරිලා. තමන්ගෙ උපන් රට ගැන තියෙන කැක්කුමනෙ. නැත්නම් සඳුදා දවසෙ වැස්සට මැච් එක හේදෙන බව දැන දැන ටෙස්ට් මැච් එකක් බලන්න කවුද එන්නෙ. මට නම් ඉතින් රට ජාතිය කොහොම උනත් මේකට එන්න ලැබෙන අන්තිම චාන්ස් එකනෙ. හොඳ තැනක් බලල වාඩි වෙන්න ඕනෙ. වැස්ස නැවතුනාට මැච් එක පටන් ගන්න පැයක්වත් යයි. ග්‍රවුන්ඩ්ස්මන්ලා බරටම වැඩ. පිට්ටනියෙ අයිනටම වෙන්න ටීම් දෙකම ප්‍රැක්ටිස්. කාලෙකින් ලන්කාවෙ කට්ටිය හැබැහින් දැක්කෙ. එන්ගලන්තෙ එවුන් නම් පලවෙනි පාරට.

"පුතා ලන්ඩන්මද ඉන්නෙ" අම්මට සිරි වයසක ලොක්කෙක්. මැච් එක පටන් ගන්නකම් කම්මැලි කමට කියාපු බුවා.
"නෑ අන්කල් බ්‍රිස්ටල් ඉඳන් ආවෙ. මීට කලින් ලෝර්ඩ්ස් ඇවිත් නැති නිසා ආවෙ"
"මමනම් පුතා ලන්කාවෙ ටීම් එක ගහපු හැම මැච් එකක්ම බලන්න ආවා. සිදත් එක සිය අනූව ගහපු දවසෙත් මම බැලුවා. ඒකෙ දුලිප්ගෙ ගැහිල්ල තමයි මරු. සුද්දොන්ට බඩ යන්න දුන්නෙ."
"මට මතකයි අන්කල්. එතකොට අපි පොඩියි."

"මෙහේ ඇවිත් හුඟාක් කල්ද?"
"නෑ අන්කල් ලඟදි ආවෙ. අපි අවුරුදු දෙකෙන් ආයි යන්න හිතන් ඉන්නෙ."
"ඇයි පුතා යන්නෙ. එහෙ දැන් ගන්න දෙයක් නැහැ. කවදාවත් හැදෙන පාටකුත් නැහැනෙ. මෙහෙ ඒවගෙද. ලමයින්ටත් හොඳටම හොඳයිනෙ."
"ඒවුනාට අන්කල් අපිට එහෙ වගෙ හරි යන්නෑ කොහේවත්. දුක් වින්දත් තමන්ගෙ තැනනේ කියල හිතෙනවා. අනික අම්මලා නෑදැයො එහෙමත් ඉන්නවනෙ."
"මමනම් කියන්නෙ මෝඩ වෙන්න එපා ලමයො. සැපට ඉන්න පුලුවන් එකෙ මොකටද දුක් විදින්නෙ. ගියායින් පස්සෙ අපරාදෙ කියලා හිතෙයි."

"දැන් බලන්න පුතා මම මෙහේ ආවෙ 1970. ඒ කාලෙ වීසා ඕනෙත් නැහැ. එයාර්පොර්ට් එකෙන් ඔන් අරයිවල් වීසා දුන්නා. කොමන්වෙල්ත් එකෙනේ. මම වැඩ කලේ මවුන්ට් ලැවීනියා සෙන්ට් තෝමස් එකෙ. මෙහෙත් අවුරුදු තිස් ගාණක්ම උගන්නලා තමයි පැන්ෂන් ගියේ. නෝනත් ටීචර්. අපි ඉතින් කොල්ලො දෙන්නට හොඳට ඉගැන්නුවා මෙහේ ආපු එකෙන්."
ඉතින් අන්කල් එහෙත් හොඳට ඉගෙන ගන්න බැරි නැහැනේ."
"ඒක නම් එහෙම තමයි. ඒත් මෙහෙ වගෙ නැහැනෙ."

මැච් එකත් පටන් ගත්තා. දිමුත් කරුනාරත්න මේකෙවත් කීයක්වත් ගැහුවොත් හොඳයි. හීනියට සින්හල සින්දුවකුත් පටන් අරන්. සුරන්ගනීට මාලු ගෙනවා. ලන්කාවෙ ජාතික ගීය වගේ තමයි. 

මැච් එක බලන අතර තුරේ අන්කල්ගෙ ජීවිත කතාව දිග ඇරෙනවා. සෑහෙන කාලෙකින් කතාවට කෙනෙක් අහුවෙලා තියෙන්නෙ මට හිතෙන්නෙ. එයාගෙ නෝනා සුනීතා එක්ක ලන්කාවෙන් ආපු හැටි. ලස්සන කොලු පැටව් දෙන්නා ටික ටික ලොකු වෙලා හොඳ රස්සාවල් වලට ගියපු හැටි. ලන්කාවෙ යාලුවො. නිව්සීලන්ඩ්වල ඉන්න අය්යා.
"ඉතින් පුතා. දැන් වගේ නෙවේ ඒ කාලේ හරි ශෝක්. දැන් මෙහෙත් එක එක ජාතියෙ උන් ඇවිත් හරි ප්‍රශ්න. හොඳ වෙලාවට බ්‍රෙක්සිට් එක ආවෙ."

ෂික් ආයිත් වැස්ස. කමක් නැහැ ලෝර්ඩ්ස් බලාගත්තනෙ. පැයක්වත් යයි ආයි පටන් ගන්න. එතකන් අන්කල්ගෙ කතාවෙ පිහිට තමා. "අන්කල් තව පයින්ට් එකක් අරන් එන්නද අන්කල්ටත් එක්ක. කොහොමත් පැයක් වත් යයි වගේ."

"පුතා මගේ පුතෙක්වගෙ දැනුන හින්දයි මේ කියන්නෙ. පුතාට කියන්න මමයි සුනීතයි දැන් ඉන්නෙ හරිම දුකෙන්. අපි දෙන්නට අපි දෙන්න විතරයි. පුතාලට වැඩ වැඩියි. එක් කෙනෙක් ඉන්නෙ ස්ටේට්ස්වල."

අන්කල්ගෙ මූන ලන්ඩන් අහස වගේම අඳුරුයි. මෙච්චරවෙලා හරිම සන්තෝසෙන් තමන්ගෙ ජීවිතෙ ජය ගත්ත හැටි කිව්ව මනුස්සයා එක පාරටම වෙනස් වෙලා.

"පුතාල බැදලද අන්කල්?"
"ලොක්කා බැන්දා. දෙවනියා බදින්නෙ නෑලු. ගෑනු ලමයි දෙන්නෙක් දෙපාරකට එක්ක ආවා. එයාගෙ පාට්නර් කියලා තමයි අපිට අදුන්නලා දුන්නෙ. පුතාට කියන්න මගේ ලොකු පුතා බැඳපු දවස තමයි මගෙයි නෝනගෙයි ජීවිතේ දුකම දවස."

එක දවසක් ලොකු පුතා මට කතා කරලා කිව්වා "Daddy I am getting married. I have posted an invitation for you. Be there with mummy please"කියලා.
ලෝකෙ කොහේ හිටියත් මගේ පුතාගෙ මගුල් ගෙදර ගැන ලොකු හීනයක් අපි දෙන්නටම තිබුනා. මොනවා කරන්නද. වෙඩින් එකට කලින් දවසෙ මොටෙල් එකක කාමරයක් බුක් කරලා අපි දෙන්නා ට්‍රේන් එකට නැග්ගා බර්මින්හැම් යන්න. සුනීතගෙ ඇස්වල කඳුලු. කෝච්චි ගමන පුරාවට මට පෙනුනෙ මගෙ පුතාගෙ වෙඩින් එක. 

මගුල් ගෙදරට කලින් දවසෙ අපේ දෙහිවල ගෙදර නෑදැයො පිරිලා. මම හෝටලේට ගිහින් අන්තිම වැඩ ටික මැනේජර් එක්ක කතා කරගෙන ආවෙ. පුතා මල්ලියි බෙස්ට්මනුයි තව යාලුවො කට්ටියයි එක්ක ඇඳුම් ලෑස්ති කරනවා. අය්යයි මස්සිනාල දෙන්නයි කාලෙකින් සෙට් උනේ. හීනියට අඩියක් පටන් ගත්තා. බයිට් එකට නෝනගෙ අක්ක ගාල්ලෙන් ගෙනාව මාලු ඇඹුල් තියලුයි පපඩනුයි. පරණ කාලෙ කතා ඔක්කොම එක එක දිග ඇරෙනවා. මස්සිනා ටිකක් එහාට මෙහාට වෙච්ච වෙලාවෙ අක්කගෙ කොල්ලට හිමීට ෂොට් එකක් දීගත්තා. තාත්තා ඉස්සරහ ඌ තාම බොන්නෙ නැහැනෙ.
කුස්සියෙ ගෑනුන්ගෙ කතාව හරි සැරටම. සුනීතා හරිම සන්තෝසෙන්. "අක්කට කියන්න අපේ පුතා අහු උනානෙ එක පාරක් නියම නැට්ටිච්චියෙකුට. මම හොඳවයින් දෙකක් ගෙදරට ගිහින් කතා කරලා තමයි මෙයාව ගලව ගත්තෙ ඒකෙන්. අපරාදේ කියන්න බැහැ කොල්ල කියන දේ ඇහුවා. මේ ගෑනු ලමයා නම් හම්බු උනේ අපේ වාසනාවට. හෙට බලා ගන්නකෝ. සීදෙවි ලමයා."

කෝච්චිය කොලපාට තණබිම ඉරාගෙන ඇදෙනවා. සුනීතා මට නොපෙනෙන්න හිමීට කඳුලු පිහිදානවා. අපි රෑ හෝටලේ නතර වෙලා උදේ වෙඩින් එකට ගිහින් කෙලින්ම කෝච්චියෙන් ගෙදර ආවා. ඔන්න ඔහොමයි පුතේ මගෙ ලොකු පුතාගෙ වෙඩින් එකෙ විස්තරේ.

"පස්සට හරි යයි" අන්කල්ගෙ හිත හැදෙන්න කිව්වට ඒක මෙතනට ගැලපෙන්නෙ නැහැ වගේ.

කුසල් මෙන්ඩිස්ගෙන් ජෝ රූට්ට හයේ එකක්. ලන්කාවෙ ඊලඟ අරවින්ද. පැය භාගයක් විතර මායි අන්කලුයි කතාවක් නැතිවම මැච් එක බැලුවා. කතා කර ගන්න බැරි තරමට දෙන්නගෙම හිත් බර වෙලා. 
ආයිත් වැස්ස. මේ පාර නම් කෝල්ඩ් ඕෆ් පාටයි. 

"අන්කල් අපි යමු නේද"
"හා පුතා. පුතා හම්බ වෙච්ච එක ලොකු දෙයක්. කාලෙකින් හිතේ හැටියට කතා කරා. නැත්නම් මගේ කතා අහල සුනීතටත් එපා වෙලා."

ටියුබ් ස්ටේෂන් එකට යනකනුත් අන්කල් මාත් එක්ක ඇවිදන් ආවා. සමු ගන්න වෙලාව.

"අන්කල් තාමත් මට කියන්නෙ මෙහේ නවතින්න කියලද"

"නැහැ පුතේ. පුතා ආපහු යන්න."

11 comments:

  1. ලෝ්කෙට පරකාස කේතුමතිියේ ඇත්ත කතාවක්ද

    ReplyDelete
    Replies
    1. හරිම හොඳ මනුස්සයෙක්.

      Delete
  2. තේරුන්නෑ රාළහාමි කතන්දරේ

    ReplyDelete
  3. අලුත් වසරක් ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ නවතම ප්‍රශ්න උත්තර තරඟයක් සමගිනුයි. ඉතිහාසය නොදැන අනාගතයයේ පලක් නැති නිසා පහත ප්‍රශ්න සාදා ඇත්තේ සිංහල බ්ලොග් ඉතිහාසය තුළිනුයි. උත්තර දෙන්න ජය ගන්න, යට ජංගි දිනා ගන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    (1) වීරවිල කඳවුරෙන් නිදහස් වීමෙන් පසු පළමුවෙන්ම කරන්නේ හොද වැසිකිළියකට ගොස් හිතේ හැටියට රීම බව ප්‍රකාශ කෙරු බ්ලොග්කරු කවුද?
    (A) මතුගම අජිත් පී ජයසිංහ
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) කල්‍යාන මිත්‍ර
    (D) මාරයා

    (2) මෙම බ්ලොග්කරු ආරක්ෂක හමුදාවක සේවය කොට නොමැත
    (A) කල්‍යාන මිත්‍ර
    (B) මාරයා
    (C) හැලපයා
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (3) 'මගේ ලෝකය-රංග' නමැති බ්ලොග්කරුගේ සැබෑ නාමය මෙයය
    (A) ලක්මාල් කන්දේවිදාන
    (B) අසේල ඉන්දික
    (C) චතුෂ කුමාර
    (D) අභීත එදිරිසිංහ

    (4) කුරුළු හමුදා ලොක්කාට අතවර කිරීමට ගොස් හිරේ ගිය බ්ලොග්කරුවෙකි
    (A) හිරකරුවා බ්ලොගයේ රචකයා
    (B) අටම්පහුර රචකයා
    (C) සිනුවර තට්ටයා
    (D) කල්‍යාන මිත්‍ර බ්ලොග්කරු

    (5) 'ටිකක් හිනා වෙන්න එන්න' කියාගෙන පැමිණ මුදල් වලට පොල්ල තැබූ මෙම බ්ලොග්කරු මීමුරේ මාමා, මීමුරේ කැහැටු වඳුරා,හොරා,අබේපාල මාමා වැනි අන්වර්ථ නම් වලින්ද හැදින්වේ
    (A) හැලපයා
    (B) අභීත එදිරිසිංහ
    (C) ජෙනරාල් විචාරක ගුණසිංහ
    (D) මාතලන්-(හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්)

    (6) ඉහත 5 ප්‍රශ්නයේ සදහන් බ්ලොග්කරුගේ මුදල් වංචාකිරීම් වලට හසුව හිතේ අමාරුවෙන් අකාලයේ මිය ගිය හිත හොද බ්ලොග්කරු මෙතුමාය
    (A) ඉන්දික උපශාන්ත(උපසේන)
    (B) රාජ්පාල් මාමා
    (C) ඔබා මාමා
    (D) මාරයා

    (7) මෙම බ්ලොග්කරු විටක හාමුදුරුකෙනෙකි, විටක බස් පළුවෙකි, තවත් විටක කුරුළුහමුදා සාමාජිකයෙකි,මුරකරුවෙකි,කේන්දරකරුවෙකි ඒ මදිවාට හිතුනු විටක ගොසින් කුලී වැඩට කරයි. එසේම මෙම බ්ලොග්කරුට නොම්බරය 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියක්ද අයිතිය. මොහුගේ පුකට කුඩා කල හෙනද වැදී ඇත. මේ කවුද?
    (A) මාරයා
    (B) රසිකලොජි-කකා
    (C) මාතලන්
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (8) රසික සූරියආරච්චි-කකා විසින් රචිත බ්ලොග්අඩවියක් නොවේ
    (A) ඇනොමනිස් ආතල් බ්ලොගය
    (B) කතාන්දරකාරයා බ්ලොගය
    (C) රසිකලොජි බ්ලොගය
    (D) මගේ ලෝකය බ්ලොගය

    (9) වෘත්තීයෙන් ගුරුවරයෙක් වුවත් බ්ලූ බැලීමට රුසියෙකි, විදෙස් රටක සේවය කරයි.
    (A) රසිකලොජි-කකා
    (B) ඩුඩ්
    (C) හැලපයා
    (D) ඉන්දික උපශාන්ත(උපසේන)

    (10) මෙම කුප්‍රකට බ්ලොග්කරු ඔසී රටේ මළපවාහන පද්දතියේ සේවය කරයි. ඔසී යාමට අවශ්‍ය නිසා තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් සමග විවාහයක්ද කරගත්තේය. ආනන්දෙට පැරෂුට් එකෙන් ආ බවද කියවේ.
    (A) මාරයා
    (B) හැලපයා
    (C) සාරස
    (D) රසිකලොජි-කකා

    දැන්ම උත්තර සපයන්න. වසරක් පුරාවට හිතේ හැටියට යට ජංගි දිනා ගන්න. ගොනා හරි පාරට දාගන්න.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය නොදනිමි. අලුත් එකෙක් වෙමි.

      Delete
    2. බ්ලොග් ඉතිහාසය මෙන්න උත්තර. මට 100% නේද ?

      1 A
      2 C
      3 B
      4 D
      5 B
      6 C
      7 A
      8 D
      9 B
      10 D

      Delete
  4. ඇත්ත වසන් කරගෙන මේ විදිහට ඉන්න අය ලෝකේ පුරාම ඇති. මේ වගේමයි, කොහොම හරි හම්බ කරලා, තමන්ගේ දරුවන් පිටරට යවලා, ඒ දරුවන් කවදාවත් ආපහු එන්නේ නැති බව තේරුම්ගෙන, අද ලංකාවේ අසරණව ඉන්න දෙමව්පියන්ද සෑහෙන පිරිසක් ඉන්නවා.

    ReplyDelete
  5. තමන් වෙන රටකට ගියහම ඒ රටේ විදහට ජිවත් වෙන්න ඕනේ .
    next generation එක කොහොමත් ඒ රටේ විදිහට වෙනස් වෙනවා. එක කොහොම ත් වෙනස් කරන්න බැ

    ඒ වෙනසට තමන් අකමැතිනම් එතැන් දාල එන්න වෙනවා

    කොහොමත් දෙයක් ලැබෙන කොට අනිවා තව දෙවයක් නැති වෙනවා

    ReplyDelete
  6. සුදු අලියාගේ සැබෑ යතාර්ථය..

    ලස්සන නිදහස් රටක් තියාගෙන කම්මැලිකම නිසා දවසින්දවස වලපල්ලට යන රටක් අපේ රට.. මිනිස්සු දියුණු රටවලට ගිහින් මහන්සිවෙන තරමට තමුන්ගේ රටේ මහන්සිවුනත් සැලකියයුතු මුදලක් ඉතුරු කරගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවනි. ඒත් අපේ මිනිස්සු කැමති නැහැ දවල් දවසේ එක රස්සාවක් කරලා හවස් කාලයේ පැයක් දෙකක් හෝටලේක පිඟන් හෝදන්න.. ඒත් ඒ මිනිස්සුම රටින් පිට ගියාම හෝටල් වල වලන් පිඟන් හෝදලා කක්කුසිත් හෝදනව..

    ඇවිල්ලම බලල පරිප්පුව කාලම බලල තේරුම් ගන්නකම් මිනිස්සු හිතන්නේ දියුණු රටවල් කියන්නේ සුරංගනා ලෝක කියල.. ඒ සැබෑ ඇත්ත කතාව කිව්වම මිනිස්සු හිතන්නේ උන් මේ රටවලට එනවට ඉරිසියාවට කියන කතා කියලයි..

    ReplyDelete
  7. අන්කල් හිත්නනෙ ලංකාවෙ විදියට, හැබැය් ොරට ඕනි උේ සුස්දෙන වේ ඉන්න. පුතා සුද්දෙක් වේ රගපාන්නෙ නෑ ඌ කලු උනාට එහෙ සංස්කෘතියත් එක්ක හැදුනු එකෙක්.

    කව්ද වැරදි, අංකලයද? පුතාද? ලංකාටව එනවමයි කියල හිතන් ඉන්න එකාද?

    ReplyDelete