Friday, 16 September 2016

කිල්ලෝටය පිරිසිදුද (කාගෙ කාගෙත්)

මේ දවස් වල නැගලා යන කේස් එක ගැන හිතට ආපු ගොන් කතා ටිකක් ලියන්න හිතුනා. ලන්කාවේ සෞඛ්‍ය වෘත්තිකයන් කරන අතිවිශිෂ්ඨ සේවය උන් කරන අනිකුත් ගොන් වැඩ නිසා වැහිලා යන එක ඉතාම අවාසනාවන්තයි. මේකට පාදක වෙච්ච ලමයි ඇතුලත් කිරීමේ මැටි මෝල් ක්‍රමවේදයෙන් අපෙ රටේ අධ්‍යාපනයේ විශිෂ්ඨත්වයත් කෙලෙසෙන එකත් අවාසනාවක්.

දොස්තර වරු තමන්ගේ ලමයින්ට හොඳ පාසැලක් ඉල්ලීමේ කිසිම වරදක් මා දකින්නේ නැහැ. බලපුලුවන්කාරයන්, පන්දම් අල්ලන් සහ හොර ලියකියවිලි හදන්නන් ලමුන් ඇතුලත් කරන් ක්‍රමයක් රටේ නිර්මාණය වී තිබීම තුල දොස්තර වරුන්ද තමන්ගෙ ලමයින් හොඳ පාසැලකට ඇතුල් කිරීමට උත්සාහ කිරීම සාධාරණයි. දොස්තරලා ලමයින් දා ගැනීමේ වැරදි දකින බොහෝ අය තම ලමයා දා ගත් ආකාරයත් හෘද සාක්ෂියෙන් විමසුවොත් හොඳයි කියලයි හිතෙන්නෙ.

හොඳ පාසැලකට ලමයි ඇතුලත් කිරීමට උත්සාහ කරන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. එන්ගලන්තයේ දෙමව්පියන් ග්‍රැමර් ස්කූල් විභාගය සදහා ලමුන් දක්කා ගෙන යන අයුරු පසු ගිය දිනවල සියැසින් දැක්කා. අවුරුදු ගනන් ඒ සදහා ටියුෂන් යැවීම තියෙන්නේ ලන්කාවෙ විතරක් නොවෙයි. ඕනෑම දෙමව්පියෙක් තමන්ගෙ ලමයට හොඳම අධ්‍යාපනය දෙන්න උත්සාහ කිරීම හෙන ගහන අපරාධයකුත් නෙවෙයි.

නමුත් මේ ප්‍රශ්නය මුල් කරගෙන ස්ට්‍රයික් කිරීම අතිශයින් අසාධාරණ ක්‍රියාවක්. දොස්තරවරු තමන්ගේ වෘත්තීය ගෞරවය නැති කරගන්නේ මෙතැනදි.

දොස්තරවරුන් ස්ට්‍රයික් කිරීමට පෙර හදාගත යුතු වැරදි ගොන්නක් තියෙනවා. ඒ සදහා වෛද්‍ය සන්ගමය මැදි හත් වෙලා තියෙනවා කවදාවත් දැකලා නැහැ.

පලවෙනි දේ තමයි වෛද්‍යවරුන් වැඩි පිරිසක් කොලඹට කේන්ද්‍රගත වීම. ලන්කාවෙ සිටින මුලු වෛද්‍යවරුන්ගෙන් කොලඹ දිස්ත්‍රික්කය තුල සිටින ප්‍රතිශතය හරියටම කියන්න දන්නෙ නැති වුනාට එය 30% කට ආසන්න අගයක් වෙනවා කියල තමයි මම හිතන්නෙ. මේකට ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක වල කොලඹට ආසන්න ප්‍රදේශ වල අයත් එකතු කලාම අඩුම තරමින් 40% ඉක්මවනවා. එහෙම නියම අවශ්‍යතාවයක් තියෙනව නම් ගැටලුවක් නැහැ. නමුත් මෙයින් වෙලා තියෙන්නෙ වෛද්‍යවරු නිකම් ඉන්න ප්‍රමාණය වැඩිවීම. සිදුවිය යුත්තේ පිරිස වැඩි වුනාම රෝගී සත්කාර වල ගුනාත්මක භාවය වැඩි වීම වුනාට එහෙම වෙන්නේ නැහැ. සරල උදාහරණයක් කිව්වොත්, සමහර රෝහල් වල පැය හයේ ෂිෆ්ට් එක දෙකට බෙදා ගෙන පැය තුන බැගින් වැඩ කරන්නේ. දෙදෙනාම පැය හයම වැඩ කලානම් රෝගියෙකු වෙනුවෙන් වැය කරන කාලය වැඩි කරන්න පුලුවන්.

කෙනෙකුට තර්ක කරන්න පුලුවන් වැඩ අඩු නිසා එක් කෙනෙක් හිටිය ඇති කියලා. නමුත් රජයේ සේවකයෙක් ලෙස එසේ කිරීම වරදක්. අනිත් එක තමයි වැඩ අඩුයි කියන්නේ දොස්තරලා දෙන්නෙක් එතැනට අවශ්‍ය නැහැ කියන එක. මේ තත්වයට වෛද්‍ය සන්ගමය වගේම සෞඛ්‍ය අමාත්‍යයන්ශයත් වග කිව යුතුයි. අත්සන් කිරීමට විරුද්ධ මේ හින්දා තමයි.

අනිත් කාරණය තමයි ඉවක් බවක් නැතිව තම දැනුම ගණිකා වෘත්තියේ යොදවමින් කරන පෞද්ගලික වෛද්‍ය ජාවාරම. ප්‍රසිද්ධියේ බෝඩ් ගහල තියෙනවා. උදේ 7 සිට 8 ටත්. හවස 4 සිට රෑ එකොලහ දොලහ වෙනකනුත් ඇරලා තියෙනවා කියලා. එතකොට මේ අය අටට වැඩට යන්නෙත් හතරට එන්නෙත් එර්දියෙන්ද කියන ප්‍රශ්නෙත් එනවා. මෙයින් තේරෙන්නෙ රජයේ නීති රීති තමන්ට අදාල නැහැ කියන උද්දච්ච කම ඇරෙන්න වෙන මොනවත් නෙවෙයි. මේ තැන් වලදි රෝගීන්ට සිද්ද කරන හිපොක්‍රටීස්වත් කෙලසන තුට්ටු දෙකෙ වැඩ ගැන දොස්තර කෙනෙක් විදියට ලියන්න ලැජ්ජ නිසා ඒ ගැන නොලියා ඉඳිමු. ඒ අතරම ඉතා සාධාරන විදියට අති මහත් සේවයක් තම පෞද්ගලික වෛද්‍ය ස්ථාන වලින් ඉටු කරන පිරිස අතිමහත්. නරුමයන් කිහිප දෙනෙක් පමනයි ඉන්නෙ. නමුත් මේ දේවල් නියාමනය කරන්න වෛද්‍ය සන්ගමය වත් අමාත්‍යන්ශයවත් ක්‍රියාශීලී නොවීම හරිම කණගාටුදායකයි.

අද වෛද්‍යවරුන්ට එල්ල වෙන විරෝධයට අසාධාරන ලමයි ඇතුලත් කිරීමේ ඉල්ලීම වගේම මේ කාරණා සියල්ලම බලපානවා කියලා තමයි හිතෙන්නෙ. ඒ එක්කම සමහරුන්ගෙ වෛද්‍යවරයෙක් වෙන්න නොහැකි වීම සහ වෛද්‍ය වරුන්ට සමාජයේ ලැබිලා තියෙන වැඩි සැලකිල්ල (රැකියාවේ ස්වභාවය අනුව ) නොරිස්සීමත් හේතු වෙනවා කිව්වහම ගොඩක් අය උරණ වෙන්නත් පුලුවන්. නමුත් එහෙම එකක් නැත්තෙමත් නැහැ කියලා තමයි හිතෙන්නෙ.


ලමයි ඇතුලත් කිරීමේ ප්‍රශ්නයට ගන්න පුලුවන් සාධනීයම පියවර ලෙස මම දකින්නේ ප්‍රාථමික පාසල් ද්විතීයික පාසල් වලින් වෙන් කිරීමයි. බොහෝ රටවල පාසල් පද්ධතිය සකස් වෙන්නේ මේ විදියට. මේකෙන් ආදි ශිෂ්‍ය මාෆියාවටත් උත්තරයක් හම්බ වෙනවා. මගේ පාසැල ඇතුලු බොහෝ පාසැල් වල පිරිහීමට මූලික හේතුවක් ආදි ශිෂ්‍ය මාෆියාව.

17 comments:

  1. "ඒ එක්කම සමහරුන්ගෙ වෛද්‍යවරයෙක් වෙන්න නොහැකි වීම සහ වෛද්‍ය වරුන්ට සමාජයේ ලැබිලා තියෙන වැඩි සැලකිල්ල (රැකියාවේ ස්වභාවය අනුව ) නොරිස්සීමත් හේතු වෙනවා කිව්වහම ගොඩක් අය උරණ වෙන්නත් පුලුවන්. නමුත් එහෙම එකක් නැත්තෙමත් නැහැ කියලා තමයි හිතෙන්නෙ." මං හිතන්නෙ නෑ මේක එකඟ විය හැකි තර්කයක් කියල.ඇත්තටම සමාජය දේවත්වයෙන් සළකන පිරිසක් මේ ආකාරයෙන් හැසිරෙනකොට ඔවුන් උරණ වීම ගැන පුදුමයක් ඇතිවෙන්නේ නෑ.වෛද්‍යවරුන් සමාජයේ ඉහළින් වැඦඹෙන පිරිසක්.නමුත් සමාජයේ ඊට වඩා පහත් ස්ථර අනන්තයි. මෙයාල හදන්නෙ මස් රාත්තලම ගන්න...

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට එකඟයි. මස් රාත්තලම ඉල්ලනවා විතරක් නෙවෙයි අනිත් අයට මස් ටිකක් හරි දෙනවාටද විරුද්ධයි. හොඳම උදාහරණය නර්ස් නෝනලාට උපාධි දීමට විරුද්ධ වීමයි. දම්සො පුතානම් ජයවර්දන පුරේ ලෙක්චර්ස් කලා හෙද ශිෂ්‍යයන්ට.
      අර වගේ අයත් ඉන්නවා කියලා කිව්වෙ නිකම් එහෙම දැනිලා තියෙන නිසා. එහෙම නැත්නම් හොඳටම හොඳයි. අවුලක් නැහැ

      Delete
  2. වැඩි ඈතක නෙමේ මේ අද උදේ, මම ගියා රිපොර්ට් පෙන්නන්න චෙකප් එකක.. ආයේ 1500 ක් ගෙවලා අපොයින්ට්මන්ට් එකක් ගන්න කිව්වනේ ඒ උත්තමයා, සතියකට වැඩියි කියලා...පවුනේ දුප්පත් මනුස්සයොනෙ, සල්ලි නැතුව ඇති කියලා මමත් ඉතින් එකක් ගත්තා....

    ReplyDelete
    Replies
    1. හැක් හිනාවෙන්නද අඬන්නද කියලා තාම හිතනවා

      Delete
    2. ඔහොම්මම ගිහින් එකම එක සැරයක් එක ඩොකෙක් ආපහු ගස්ලබ්බට ඩොක්ට ෆී එක දුන්නා.චැනල් සෙන්ටර් එකේ ගාන උන් තියාගෙන.

      Delete
  3. දොස්තරල හැමදේටම වර්ජනය අවියක් කරගන්න ගියොත් ඉන්දියාවෙන් නෙවේ ඉතියෝපියාවෙන් දොස්තරල ගෙන්නුවත් ජනතාව විරුද්ද වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නයට වර්ජනය කිරීම අන්තිම පහත් වැඩක්.

      Delete
  4. මෙතන නම් පෙනෙන්නෙ බලයෙන් අන්ධ වුනු වයිද්‍ය සංගමේ අඳබාල හැසිරීම.
    එයාල ලස්සනට පිළිවෙලට රජයෙන් එලපු හීන් නූල් දැලට පැටලෙනවා බොහොම කැමැත්තෙන්.රජයට බලපෑම් කිරීමේ හැකියාවක් තිබුන එකම වෘත්තීය සමිතියත් පච උනා.
    උනා නෙමෙයි කරනවා සැලසුම් සහගතව.සමාජ මාධ්‍ය වල මේ දවස් වල යන රැල්ල කෘත්‍රිමව ඇදගෙන යන රැල්ලක් බව හොඳට පෙනෙන්න තියනවා.
    හොඳම වැඩේ කියන්නෙ ස්වාර්ථය හමුවේ දෑස් අඳ උනු ඩොකාලට මේක පෙනෙන්නැති හැටි.
    ලෙඩේ දුකත් දරාගන බඩගින්නෙ පාන්දර දෙකේ විතර ඉඳන් හුස්මක් ගන්න බැරුව ලෙඩ්ඩු ගොඩේ හිරවෙලා පෝලිමේ ඉඳලා උදේට ඩොකා නෑ කිව්වාම දැනෙන්න හැඟීම හරිම ආශ්වාදජනකයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය වර්ජනය කරපු දවසෙ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කීයක් වැහුවද කියලත් හොයලා බලන්න වටිනවා

      Delete
  5. දිස්ත්‍රික් පදනමෙන් විස්ස විජ්ජාලෙ ආව දොස්තරලාට තම ආපු දිස්තිරික්කේ වසර දහයක් අනිවාර්යයෙන් වැඩ කල යුත්යි කියා නීතිය්ක් සම්මත කොල යුතුයි...

    ඔවුන් ගේ දරුවන්ට පාසල් දෙනවානම් එම දිස්ත්‍රික්ක වලින් ම පාසල් ලබා දිය යුතුයි!

    ReplyDelete
    Replies
    1. නුවරඑලියට වැල්ලවායට එහෙම දොස්තරලා දෙන්නෙක් විතර ඉඳියි. කොළඹ , යාපනේ ගොඩක් වෙලා තියෙයි. කොහොම කරත් ලකුණක් අඩුවෙලා කොයි දිස්ත්රික්කෙන් ගියත් ඩෙන්ටල් ගිය මහත්තුරුන්ට , නෝනලාට මෙඩිසින් යන්න වෙන්නේ නෑ. රටේ ක්‍රමයක් හදලා තියෙනවා ඒක හරියට කරන එකයි කරන්න තියෙන්නේ. සාරස කියන ක්‍රමේට ගියොත් වල්ලවයෙන් , නුවරෙලියෙන් , අම්පාරෙන් ආපු කෙනෙකුට further training කරලා specialist කෙනෙක් එහෙම වෙන්න අමාරුවෙයි. ප්‍රයෝගික දෙයක් යෝජනා කරා නම් වටිනවා

      Delete
    2. හිතේ දුකට වැලපෙන බයි ඩෙන්ටෙක්ගේ හඬ...

      Delete
  6. තව දොස්තරලා මේක ගැන කතා කරනවානම් වටිනවා..හිතවත්කං බාවිතා කරලා බදුල්ලේ හොඳ ඉස්කෝල දෙකකට ලමයි දාපු මම, 2017 දී ගාල්ලේ හොඳ ඉස්කෝල දෙකකට ලොකු ලමයි දෙන්නා දාන්න හීන මවන, තුන් වෙනියව හොඳ ඉස්කෝලෙකට දාන්න හොරට ඇඩ්‍රස් හදපු මම, ලොකු දුව කවද හරි ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙනවා දකින්න ආස මම මේ දොස්තරලා තමන්ගේ ලමයින් වෙනුවෙන් හඬ නගන එක වැරදියි කියන්නේ නෑ.. ඒත් ඒ වෙනුවෙන් මේ වෘත්තීය අරගලය සධාරණීකරනය කරන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මාත් කියන්න උත්සාහ කලේ ඔය ටික තමයි. නමුත් දොස්තරලාගෙ පොරත්වය සමාජ පිලිලයක් වේගෙන එන්නෙ. මේ විදියට ගියොත් දුවව දොස්තර කෙනෙක් කරන එක ගැන දෙපාරක් හිතන්න වේවි.

      Delete
  7. එංගලන්තයේ ග්‍රමර් ස්කූල් ප්‍රශ්නේ ඇති කලේ ඉංග්‍රීසි උන් නෙමේ. උන් තමන්ගේ ලමයව විභාගෙට ඇරිය එච්චරයි. ඊට පස්සේ මේකට ආපු ලංකාවේ දෙමළ ය ටියුෂන් සෙල්ලම පටන් ගත්ත. ඉන්දියානු, පකිස්ථාන්, චීන අය සමග සිංහල අය පටන් ගත්ත. ඉංග්‍රීසින් බැනලා බැනලා බැරිම තැන උනුත් ළමයි ටියුෂන් යවනව. අපේ ආසියානු එවුන් තමයි කෑවේ ඇවිත්. එක හොනම්ද මුළු පන්තියම දෙමළ . දැන් ඒ ඉස්කෝලේ විභාග වෙනස් කරලා. දෙමල ළමයින්ගේ ඉංග්‍රීසි දැනුම අඩු නිසා භාෂා විභාගෙත් දාල. මගේ බිරිඳ වැඩ කරන ග්‍රමර් විදුහලේත් ඒකම කලා. මගේ දරුවී දෙන්නම් පාස් . නමුත් මම රජයේ සාමාන්‍ය විදුහලකට ළමයි දැම්ම.

    ReplyDelete
  8. //මගේ පාසැල ඇතුලු බොහෝ පාසැල් වල පිරිහීමට මූලික හේතුවක් ආදි ශිෂ්‍ය මාෆියාව.// +++++++++++

    ReplyDelete