Thursday 29 September 2016

කුකුලන් කෙටවීමෙන් ඔබ්බට



මම දේශපාලනය ගැන අන්ශුමාත්‍රයක්වත් දන්නෙ නැති පොරක්.කියවීමට තියෙන කම්මැලිකම නිසා ටීවී එකේ දේශපාලන සාකච්චා අහලා ඉගෙනගන්න ට්‍රයි එකක් දුන්නා. නමුත් ඒවා කුකුලන් කෙටවීමේ තරඟ කියලා තමයි තෙරුම් ගියේ. දේශපාලකයින් කුකුලන් බවට පත්වී මාධ්‍යකරුවන් කුකුලන් කොටවන්නන් බවට පත්වීම ජාතියේ අභාග්‍යයක්.

අන්ක එකේ කුකුලන් කොටවන්නියක් වන නෙල්කාට බබා හම්බ වීමේ හේතුවෙන් දෙරනේ අලුත් පාර්ලිමේන්තුව හරවත් දෙයක් කතා කරන්න පටන් ගැනීම අලුත් දෙයක් ඉගෙන ගන්න පොටක් පාදලා තියෙනවා. මේ සාකච්චාවෙ නොදන්න දේවල් ඉගෙන ගන්න  දන්න දේවල් ගැන අලුතින් හිතන්න යමක් තියෙනව කියලා තමයි හිතුවේ. දේශපාලනේ ගැන දන්න අය නොදන්නකමට කමා කරත්වා කියලා ඉල්ලා හිටින ගමන් නොදන්න දේවල් පෙන්නලා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ටියුඩර් වීරසින්හ මහත්තයා  වගේ අය කතිකාවතට එක් කිරීමම හොඳ ප්‍රවේශයයක්. එතුමා හතරවෙනි මූලධර්මයක් පිලිබඳව ඉදිරිපත් කරපු කාරනා අපිට හිතන්න යමක් ඉතුරු කරනවා. ඔහු කියන්නෙ මූලික ඥ්‍යායයන් තුනම ප්‍රතික්ශේප වන බවයි. මගේ ටිකිරි මොලයට  තේරුම් ගිය විදියට පුද්ගලිකත්වය මූලික උනු ලිබරල් වාදයත්, ජාතිකත්වය මූලික උනු ෆැසිස්ට්වාදයත්, පන්තිය මූලික උනු සමාජවාදයත් යල් පැන ගිය බවයි එතුමා කියන්නෙ. සන්ස්කෘතිය සහ මනුෂ්‍යත්වය පදනම් උනු අලුත් සන්කල්පයක් එතුමා යෝජනා කරනවා.

එතුමා තව ඉතාම වැදගත් දෙයක් කියනවා. ඒ තමයි චීනෙකුට බැහැ ඇමෙරුකානුවෙක් වෙන්න. ඉන්දියානුවෙකුට බැහැ ඉන්ග්ලිශ් වෙන්න. එතුමා මේ තර්කය ගොඩ නඟන්නේ සන්ස්කෘතිය මනුශ්‍යයත්වය පදනම් කරගෙන. මේ නිසාම තමයි රුවන් ජයතුන්ග කැනඩාවේ ඉදන්, රසික කවිඳු ඕස්ට්‍රලියාවේ ඉඳන් ලන්කාව ගැන බ්ලොග් ලියන්නෙ.  ඒ නිසාම තමයි දම්සො පුතා ත්‍රීවීල් කාරයො , ප්‍රයිවෙට් බස් කාරයෝ එක්ක හැප්පි හැප්පි ලන්කාවේ ඉන්න තීරණය කලේ. බ්ලොග් ලියන එකයි මහ පොලොවෙ ඉඳ ගෙන අපේ මිනිස්සුන් එක්ක ජීවත් වෙන එකයි දෙකක්. තරහ වෙන්න එපා මේක තමයි යථාර්තය.

ටියුඩර් මහත්තයා කියන ඊලඟ කාරනය තමයි පෝස්ට් හියුමන් කතාව. ඔහු කියන්නෙ බටහිර ලෝකෙ ජීවත් වෙන්නෙ සාමාන්‍යය තත්වයයෙන් එහා ගිය අසාමාන්‍යය මිනිස්සු කියලයි. භාගයක් රොබෝ. භාගයක් මිනිස්. මම කැමතියි ලන්කාවෙ මිනිස්සු එක්ක ජීවත් වෙන්න. ත්‍රීවීල් කාරයෝ අමනුස්සයන්ට වඩා හොඳයි. මේක කියන්නෙ ඒ රටවල් වල අවුරුදු තුනකට වැඩි කාලයක් ලබපු අත්දැකීම් එක්ක.

වසන්ත බන්ඩාර මහත්තය කියනවා දෙමල ජනතාවට ප්‍රශ්නයක් නැති බව. මහත්තයෝ ඕකම තමයි ප්‍රශ්නේ. ඊට එහා මේක තේරුම් කරන්න මට තේරෙන්නෙ නැහැ. ප්‍රශ්නයක් තියෙන බව තේරුම් කරන්නට යාමම ප්‍රශ්නයක් වූ සමාජයක අපි ජීවත් වෙන්නේ.

ඔහු කියන ඊලඟ කාරනය තමයි බුදු පිලිම හදන්නෙ දෙමල බෞද්ධයන්ට බව. අමූලික බොරු. බුදු පිලිම හැදුවේ හමුදා සාමාජිකයන්ට. දම්සො පුතාත් දකුනු සුඩානේ බුදු මැදුරක් හැදුවා. හමුදා සාමාජිකයන්ට. කවදා හරි ලන්කාවෙ හමුදාව එන දවසට ඒක කැඩුවා කියලා අපේ අසතුටක් නැහැ.



මනෝ ගනේෂන් මහත්තයා ගැනත් යමක් කියන්න ඕනේ. එතුමා කියන දේ හරි හෝ වැරදි හරි. එතුමා සින්හලෙන් කතා කිරීමම වැදගත්. සින්හල උගතුන්ට දෙමල ජනතාවට ඇමතීමට නොහැකි වීම ප්‍රශ්නයක් කියලයි දම්සො පුතා හිතන්නෙ

15 comments:

  1. ////ඔහු කියන ඊලඟ කාරනය තමයි බුදු පිලිම හදන්නෙ දෙමල බෞද්ධයන්ට බව. අමූලික බොරු. බුදු පිලිම හැදුවේ හමුදා සාමාජිකයන්ට/////////

    දම්සෝ පුතා...ඔය වසන්ත බංඩාර කියන දෙමළ බෞද්ධයන්ට බුදු පිළිම හැදීම නම් මොන පදනමකින් කියනවද මන්දා. මාධ්‍ය ඇමති කියනවා උතුරු පලාතෙම ඉන්නේ දෙමළ බෞද්ධයෝ ඉන්නේ 470යි කියලා. රටේම ඉන්නේ 22254යි ලු. මෙන්න මේ ලිපිය පොඩ්ඩක් කියවන්න.

    The Tamil-majority Northern Province itself has 470 Tamil Buddhists.

    ReplyDelete
  2. //මේ නිසාම තමයි රුවන් ජයතුන්ග කැනඩාවේ ඉදන්, රසික කවිඳු ඕස්ට්‍රලියාවේ ඉඳන් ලන්කාව ගැන බ්ලොග් ලියන්නෙ. ඒ නිසාම තමයි දම්සො පුතා ත්‍රීවීල් කාරයො , ප්‍රයිවෙට් බස් කාරයෝ එක්ක හැප්පි හැප්පි ලන්කාවේ ඉන්න තීරණය කලේ. බ්ලොග් ලියන එකයි මහ පොලොවෙ ඉඳ ගෙන අපේ මිනිස්සුන් එක්ක ජීවත් වෙන එකයි දෙකක්. තරහ වෙන්න එපා මේක තමයි යථාර්තය.// හ පො යි ,,, ,,,,, ගුටිකැමට නියමිතයි

    ReplyDelete
    Replies
    1. ගුටි කෑමට බය නැහැ. බැරිම උනොත් බ්ලොගෙන් ගිහින් වෙන වැඩක් බලා ගන්නවා. වෙන වැඩ ඕන තරම් තියෙනවෝ. රට ඉන්න අයට වෙන වැඩ නැතෝ.

      Delete
    2. හේ හේ ... අපරාදෙ ලිවිල්ල නං නවත්තන්ඩ එපා. ඔය මගෙ දෙපාරක් වැටුන උඩ තියන කමෙන්ට් එක ආයෙත් මකන්න ,හෙවනැල්ලත් නැතිවෙනවා , එකපාරට මත් එහෙම මකන්න පුලුවන්

      Delete
    3. දම්සෝ අපි ගැන ලියපු දේ ගැන කිසිම ගැටළුවක් නෑ. මම වුනත් හරිනම් දම්සෝ වගේ ලංකාවේම ඉන්න නියමිත වෙච්ච කෙනෙක් . පවුලේ අනෙක් සාමාජිකයින් වෙනුවෙන් මෙහෙ හිටියට හිතින් අපි ජිවත් වෙන්නේ ලංකාවේ තමයි. අනෙක් බ්ලොග් ලියන දෙන්නා ගැන කියන්න මම දන්නේ නෑ. ඔබේ ලියමන් ගැන සතුටුයි. ඉස්සර හොඳ මනුස්සයෙක් යැයි මම අසා ඇති වසන්ත බන්ඩාර මහත්තයට සිදු වී ඇති දේ ගැන දුකයි.

      Delete
    4. මම ඔබ තුමන්ලා ගැන සතුටු වෙන නිසයි නම් සඳහන් කලේ. කොහේ හිටියත් තමන් අමතක වෙලා නැති නිසා. මට හිතුනෙ වීරසින්හ මහත්තය කියන්නෙත් ඒකම කියලා. සන්ස්කෘතිය මත මිනිසා නිර්මාණය වෙනවා කියලා. ඔබ වැනි අය අපිත් එක්කම ජීවත් වෙනවා කියලා හිතෙන්නෙ ඔබ ලඟ අපේ කම තියෙන නිසා

      Delete
  3. මම රුසියාව ගැනත් ලියනවානෙ ?

    ReplyDelete
    Replies
    1. මම ඔබ තුමන්ලා ගැන සතුටු වෙන නිසයි නම් සඳහන් කලේ. කොහේ හිටියත් තමන් අමතක වෙලා නැති නිසා. මට හිතුනෙ වීරසින්හ මහත්තය කියන්නෙත් ඒකම කියලා. සන්ස්කෘතිය මත මිනිසා නිර්මාණය වෙනවා කියලා. ඔබ වැනි අය අපිත් එක්කම ජීවත් වෙනවා කියලා හිතෙන්නෙ ඔබ ලඟ අපේ කම තියෙන නිසා

      Delete
  4. //සින්හල උගතුන්ට දෙමල ජනතාවට ඇමතීමට නොහැකි වීම ප්‍රශ්නයක් කියලයි දම්සො පුතා හිතන්නෙ//ඔව් ඒ වගේම සිංහල දේශපාලකයන්ට හා කලාකරුවන්ටත් දෙමල මිනිස්සුන්ට අමතන්න බෑ

    ReplyDelete
    Replies
    1. මේ පුංචි රට ඇතුලේ අමතාගන්න බැරි මිනිස් වර්ග දෙකක්. අපිට තව කොච්චර දේවල් බැරිවෙලා සහ බැරුව ඇද්ද........කවුරුත් හීනියට හිතන්න ඕන...

      Delete
  5. කාලෙකට කලින් රටේ සුප්‍රසිද්ද දෙසපාලකයෙක් ළඟ රැකියාවක් කරපු නිසා ලංකාවේ දේශපාලනය ඇතුලේ මහජන සේවය කියන දේ අංශුමාත්‍රයක්වත් නැහැ කියල පුංචි එකා සංදියේම තෙරුම්ගත්තු නිසා දේසපාලනේ ගැන මම කතා කරන්න යන්නේ නැහැ දම්සෝ පුතා..

    එකම පරිප්පු හැලියෙන් පාට හැඳි දෙකකින් මිනිසුන්ට බෙදන ප්‍රධාන පක්ෂ දෙකෙන්ම අපේ මිනිස්සුන්ට යහපතක් වෙන්නේ නැහැ කියන එක නම් පැහැදිලිම පැහැදිලි සත්‍යයක්.

    තුන්වෙනි බලවේගය ගැන කතා කරනවානම් එයාලගේ ප්‍රතිපත්ති ඉතාමත් හොඳයි.. එයාල වංචා දූෂණ කරන්නේ නැහැ.. ඒත් ප්‍රධාන පක්ෂ දෙකේ වාසනාවට සහ ජනතාවගේ අවාසනාවට තුන්වෙනි බලවේගය වෙච්චි ජ.වී.පෙ එයාලාගේ සමහරක් යල්පැනගිය ප්‍රතිපත්ති කරේ තබාගෙන යාම නිසා බලයට පැමිණීමේ නොහැකියාවෙන් පෙළෙමින් ඉන්නවා. ජ.වී.පෙ. මේ කියන තරම් ජනතාවට ආදරෙයි නම්, රට ගොඩ දාන්න මේ තරම් උත්සාහයක් ගන්නවානම් එයාලට සිද්ද වෙනවා බහුතර බලයක් ලබාගෙන පාලන බලය ලබාගන්න. ඒත් එයාල අමතක කරන කාරණය තමයි අරක්කු කාලට, බත් පාර්සලේට, සිමෙන්ති කොට්ටෙට, ටකරන් තහඩුවට චන්දෙ දෙන බහුතරයක් වෙසෙන රටක බලය අල්ලන්නනම් එයාලටත් එයාලගේ යල්පැනගිය ප්‍රතිපත්ති වලින් මිදිලා ඇවිත් පවතින දේශපාලන රාමුව ඇතුලේ චන්ද දායකයින්ගේ අවශ්‍යතාවයන් ඉටුකරලා චන්ද ලබාගන්න. ඒත් එයාල එහෙම නොකර සමාජවාදී ප්‍රතිපත්තිවල එල්ලිලා ඉඳගෙන විවිර්ත ආර්ථිකයක් ඇතුලේ අනාතවෙලා ඉන්න මිනිස්සුන්ගෙන් චද ඉල්ලනවා.. එයාල කියන්නේ කවදාහරි එයාලට බලයක් ලැබෙනවා කියලයි. මේ යන විදිහට එහෙම වුනත් ඒක වෙන්න තව කල්ප කාලාන්තරයක් යාවි.. ඒත් ඒ වෙද්දී මේ දේශපාලන රාමුව ඇතුලේ එයාලට හදන්න රටක් ඉතුරුවෙලා තියේවිද කියන එක ප්‍රශ්නයක්. එහෙම බැලුවාම බුද්ධිමත්ම අපේක්ෂකයින් විතරක් විතරක් ඉන්න හතරවෙනි බලවේගයකට අවස්තාවක් ලැබෙන්න ඉඩ තියෙනව.

    ජාති වාදී ප්‍රශ්නය ගැන කතා කරනවානම් ඔය ප්‍රශ්නයට මුලිකම හේතුව බණ්ඩාරනායක මහත්මයා විසින් රාජ්‍ය භාෂාව සිංහල කිරීම කියලයි මගේ අදහස. අද උනත් රාජ්‍ය භාෂාව සහ පාසල්වල ඉගැන්වීමේ භාෂාව ඉංග්‍රීසි කරොත් අනාගතයේ ජාතිවාදී ප්‍රශ්නය ඉබේම නැතිවෙලා යාවි කියලයි මගේ අදහස. බණ්ඩාරනායක මැතිතුමා කුමන අදහසින් කරත් රාජ්‍ය භාෂාව සිංහල කිරීම මොට්ට මෝල් ගොන් මරි වැඩක්. එකෙ තියන අව පක්ෂයේ ප්‍රතිපල අපි ඉතා හොඳින් විඳිමින් ඉන්නව.

    ReplyDelete
  6. ඇත්තටම ඇයි මෙහෙම ප්‍රශ්නයක් එන්නෙ?
    මාත් එක්ක දෙමල අය කිහිප දෙනෙක්ම වැඩ මට උන්ව අවුලකුත් නෑ. උන්ට මාව අවුලකුත් නෑ
    එතකොට කව්ද මේ අව්ල හදන්නේ?

    ReplyDelete
  7. /* රසික කවිඳු ඕස්ට්‍රලියාවේ ඉඳන් ලන්කාව ගැන බ්ලොග් ලියන්නෙ. */

    අප දෙදෙනා පමණක් නොවේ, ඕස්ටේ‍ර්ලියාවේ සිට බ්ලොග් ලියන තවත් පිරිසක් සිටිනවා. මේ ඔවුන් ගැන විස්තරයක්!

    https://rasikalogy.blogspot.com.au/2015/09/sinhala-bloggers-domiciled-in-australia.html

    මීට අතරව ලඟදී සිට නිම්නයක තනිවී නමින් බ්ලොගයක් ද ඇරඹී තියෙනවා.

    ReplyDelete
  8. ලංකාවෙන් පිට සිට ලියවෙන සිංහල බ්ලොග්වල එකතුවක් මෙතැනින් බලා ගන්න හැකියි! මෙය යාවත්කාලීන වී නෑ වගේ!
    http://ratagiyaeththo.blogspot.com/

    ReplyDelete
  9. මට දෙසපාලුවෝනම් තිත්තයි 😈😈😈

    ReplyDelete