Saturday 24 September 2016

මහින්ද සර්ට එරෙහි මගේ නඩුව

Image result for mahinda deshapriya

මුලින්ම මහින්ද සර් වසරේ හොඳම රාජ්‍ය සේවකයා විදියට සම්මාන ලැබීම ගැන බොක්කෙන්ම සුභ පතනවා. මීට කලිනුත් එල් එම් ඩී එකේ සම්මානයට ඔබ තුමා පාත්‍ර උනා. ඒකටත් එක්කමයි සුභ පැතීම. 

"සර්" කියලා කිව්වෙ මැකෝ නිසා නොවෙයි. එතුමා මගේ ගුරුතුමෙක් නිසා. ගුරුතුමෙක් කිව්වට ඒක අද එතුමා රටේ ලෝකෙ වැදගත් කෙනෙක් නිසා ලකුනු දාගන්න කියන කතාවක්. දම්සො පුතා හයේ පන්තියේදි එතුමා උසස් පෙල පන්ති වලට ඉගැන්නුවා. ගුරුතුමෙක් නොවුනට එතුමා මගේ මාස්ටර් ඉන් චාර්ජ්. 

මහින්ද සර් මට හමු වෙච්ච සුවිශේෂී චරිතයක්. අද ඔහු ඒක ලෝකෙ ඉස්සරහ ඔප්පු කරලා ඉවරයි. ඔහු අතිශය සුන්දර මිනිසෙක්. මානව හිතවාදියෙක්. ඒත් ඔහු පරමා දර්ශී නැහැ. මම එහෙම කියන්නේ ඔහු වගේ වෙන්න අමාරුයි. එහෙම මිනිස්සු බිහි වෙන්නෙ කලාතුරකින්. ඔහු කොයිතර ඉහලට ගියත් අව්‍යාජත්වය ආරක්ෂා කලා. අනන්‍යතාවය ආරක්ෂා කලා. ගමේ කම ආරක්ෂා කලා. මෙතැනදියි ඔහු සුවිශේෂී වෙන්නෙ.

එහෙම මිනිසෙක් අගයන්නට තබන මේ සටහන ඔහුට එරෙහි නඩුවක් වෙන්නෙ කොහොමද කියලා අවසානෙට බලමු. මහින්ද සර් මට හමුවන්නේ අපේ ඉස්කෝලෙ මේස පන්දු ක්‍රීඩා භාර ආචාර්ය විදියට. ඔහුත් එක්ක එකම එක තරගාවලියකට යන්න මට අවස්ථාව ලැබුනා. ඒ දවස් වල මේස පන්දු තරඟ තිබ්බෙ කොලඹ රේස් කෝස් එකේ යට තට්ටුවෙ. අද එතන විශාල සාප්පු සන්කීර්ණයක්. මහින්ද සර් තමයි අපිව එක්ක ගෙන යන්නෙ. ඔහු තරඟාවලි ලේඛම් විදියටත් කටයුතු කලා. මයික්‍රෆෝන් නැතුව මහ සද්දෙට මුලු ශාලාවටම ඇහෙන්න තරඟ අඬ ගසන්න තරම් අද වගේම සද්දයක් ඒ කාලෙත් ඒ විදියටම තිබුන. කට දෙපැත්තෙන් කෙල පැනීමත් සමඟම.

අපේ මේස පන්දු ක්‍රීඩාව ගැනත් ලිවිය යුතුමයි. අපිට ගෘහස්ත ක්‍රීඩාගාර තිබුනේ නැහැ. පුහුණු වුනේ ප්‍රධාන ගොඩනැගිල්ලේ කොරිඩෝවෙ. පුහුනුකරුවො හිටියෙ නැහැ. දන්න දෙයක් කියලා දුන්නෙ වයසින් වැඩි අක්කලා අය්යලා. එයින් කෙනෙක් තමයි පසු කාලෙක අවුරුදු දහයක් විතර ජාතික ශූරිය වුනු නාමල් අක්කා එහෙම නැත්නම් නාමල් ගුනසේකර. නමුත් හැම අවුරුද්දෙම වගේ බාලක බාලිකා දෙකේම ජාතික ශූරයෝ.  අපි කණ්ඩායම් තේරීම් තරඟ තිබ්බෙ අඩුම ගානේ භාර ගුරුතුමා (වාදසින්හ සර්) වත් නැතිව. කණ්ඩායමේ කට්ටිය එකතු වෙලා මැච් ගහලා සෙල්ලම් කරන අනු පිලිවෙල සර්ට කියනවා. අද පාසැල් වල ක්‍රීඩා කටයුතු සිදු වෙන ආකාරය ගැන මතක් කරන්නයි මේ ටික ලියුවේ. ඒ කණ්ඩායමේ හිටපු වයි සී තිලකරත්න පසු කාලෙක ජාතික ශූරයා උනා. චිරත් ධනේෂ වෛද්‍යවරයෙක් වගේම ජාතික තේරීම් කමිටු සාමාජිකයෙක්. ගයාන් සහ නිරෝෂ වීරසේන සොහොයුරන් ඕස්ට්‍රේලියාවෙ සහ ඉන්දුනීෂියාවෙ ඉන්ජිනේරුවන්.

මහින්ද සර් ගැන මගේ දෙවනි මතකය ඔහුගේ කුටුම්භය පිලිබඳව. එතුමගෙ බිරිඳ රමනි ඇතුලත්මුදලි මිස් අපේ ඉස්කෝලෙම උද්භිද විද්‍යාව මිස්. නතර වෙලා හිටියේ අපේ පුන්චි අම්මගෙ ගෙදර. මහින්ද සර් හවසට හවසට බඩ ගානවා එහේ.  අන්තිමට මඟුල් ගෙදර තිබුනෙත් ඒ ගෙදරමයි. දම්සො පුතාටත් පැය ගාණක් කුකුල් මස් කපන්න උනා මඟුල් ගෙදර දවසේ. රමනි මිස් ගැනත් වචනයක් නොලියාම බැහැ. එතුමියටත් වෙනම සම්මානයක් දෙන්න තිබුනෙ දෙරනට. මෙතුමා එක්ක දීග කෑවට. ඒ තරමටම සමාජ සේවා කටයුතු සහ රාජකාරි කටයුතු වල ඔහු නියැලෙද්දි ඇය තමයි ඉන්ජිනේරු පුතෙක් සහ දොස්තර දියනියක්  ඉන්න පවුලෙ බර කර ගැහුවේ මන් දන්න තරමට. මහින්ද සර් තමන්ගෙ ගමට සහ පාසලට අතිශයින් ආදරය කරන කෙනෙක්. ඔහු තම ජීවිතයෙ වැඩි හරියක් කැප කරන්න ඇත්තෙ පාසල වෙනුවෙන්.

මේ අතර වාරෙ ඔහුත් එක්ක හැප්පිච්ච අවස්ථාත් සිහිපත් වෙනවා. දම්සො පුතාත් පැනි ගහ යට වලේ හොඳ කකුලක්. වලට සර් එක්ක කොකු තිබුනා සැරින් සැරේ. එකක් තමයි දොඩන්දූවෙ ප්‍රසාද් හේමචන්ද්‍ර යුද්දෙදි මැරිච්ච වෙලාව. ඔහු ගජබා රෙජිමේන්තුවේ ලුතිතන් කෙනෙක් විදියට ඉන්දැද්දි මැරුනේ. වල එකතු වෙලා ආදි ශිෂ්‍ය සන්ගමයේ බැනර් එකක් දැම්මා. බැලින්නම් ප්‍රසාද් සන්ගමේ සාමාජිකත්වය අරගෙන නැහැ. සන්ගමෙන් කොක්ක. සර් සන්ගමේ ලොක්කෙක් නිසා පිට්ටනියට ආපු වෙලාවක වල ගේම ඉල්ලුවා. ඔයා චන්ද කොමසාරිස් නෙවෙයි පැටලිලි කොමසාරිස් කියලා ගේම ඉල්ලුවේ දම්සො පුතා නම් නෙවෙයි. (සහතික ඇත්ත ). තව වතාවක මහා ක්‍රිකට් තරඟේ ආදි ශිෂ්‍ය කූඩාරමේ කේස් එකකට ආයිත් පාරක් වල ගේමක් ඉල්ලුවා මතකයි. නමුත් එතුමා ඉතාම නිහතමානීව අදත් වල ඇසුරු කරනවා.

මෙලෝ රහක් නැති වල් පල් ලියුවෙ එතුමා බුහුමනට ලක් වෙච්ච සතුට පලකරන්න. කොයිතරම් ඉහල නිලධාරියෙක් උනත් ඔහුගේ අව්‍යාජ සරල කම අද්විතීයයි. එතුමට බිලියන් දෙකක් දුන්න කියලා කවුරු හරි ලිව්වම දුක හිතුනෙ ඒ නිසායි. ඒක ඇත්තද බොරුද කියලා දන්නෙ ලියපු කෙනයි එතුමයි විතරයි. දම්සො පුතා හිතුවේ දෙය්යනේ මේක නම් ඇත්තක් වෙන්න එපා කියලයි. ආදරණීය මහින්ද සර් ඔබ ලැබූ සියලු ගරු බුහුමන් වලටත් පාසලටත් ගමටත් ඔබ ලබා දුන් සියලු ගරු බුහුමන් වලටත් මගේ ශීර්ෂ ප්‍රණාමය!

දැන් ඔබට එරෙහි මගේ නඩුව. අපේ පාසැල අද තිබෙන තත්වය ගැන ඉතාමත් කණගාටුයි. ඒ කාලේ ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කිරීමේ ශිෂ්‍යත්ව ලකුණු ප්‍රකාශයට පත් කලාම අපි හිටියෙ අඩියක් දෙකක් උඩින්. හැමදාම මිශ්‍ර පාසල් වල පලවෙනි ස්ථානය. දැන් සෑහෙන්න දුර පහලට බලාගෙන බලාගෙන ගිහින් වැඩේ අත ඇරලා දානවා. මේ එක උදාහරණයක් විතරයි. පාසැලේ ස්වර්ණමය යුගයන් ගැන ඔබ තුමා මට වඩා හොඳින් දන්නවා. විදුහලේ ඉතිහාසය ඔබ තුමා කට පාඩමින් කියාවි. අද පාසැලේ තත්වයත් ඔබ තුමා හොඳින් දන්නවා. දම්සො පුතා පාසැල් ගියෙත් එක් ස්වර්ණමය යුගයක. එකේ අවසාන කාලේ හිටපු විදුහල් පති තුමෙක් තමයි අද තත්වයට මුල් අඩිතාලම දැම්මෙ. එතුමා ඉතාමත් හොඳ මහත්මයෙක්, දක්ෂ ගුරුතුමෙක්, මහා ප්‍රාඥ්‍යයෙක්. නමුත් ඉතාමත් අදක්ෂ පරිපාලකයෙක්.  ඒ ගැන උදාහරණ ඉල්ලන ගානක් දෙන්නම්. මොකද දම්සො පුතාත් එතුමගෙ ශිෂ්‍ය නායක මන්ඩලයේ හිටපු කචල්ම කාරයෙක් නිසා. ඉතින් එතුමාව චිරාත් කාලයක් විදුහල්පති ධූරයේ තබා ගැනීම ඇතුලු ආදි ශිෂ්‍ය සන්ගමය වගකිවයුතු බොහෝ දේ අද තත්වයට හේතු උනා. මැති තුමනි මගේ නඩුවේ ඔබතුමාත් විත්ති කාරයෙක්. 

ඔබ තුමා මේ රටේ රාජ්‍ය සේවයට නව මානයක් එක් කලා. කීර්තිමත් පරිපාලකයකු ලෙස ඔබට ඇති දක්ෂතාවය ඔබ අපේ පාසැලට නිසි අයුරු ලබා දුන්නාද යන්න නඩු දිනයේදී මම ප්‍රශ්න කරනවා. මහින්ද සර්, අපිට කොහේ හෝ වැරදිලා. නැවතත් අපේ පාසැල සඳසේ සිරිලක සුදිලෙන තෙක් ඔබතුමා මගේ නඩුවේ විත්තිකාරයෙක්.

සැමකල් විද්‍යා දදාති විනයන් සඳ සේ සුදිලේවා!

ප.ලි - මේ සටහන හුදෙක් දම්සො පුතා සම්බන්ධ පාසැල සහ හිතවතෙක් පිලිබඳ තැබූ සටහනක් නිසා අදාල නැත්නම් සෙස්සෝ කමා කරත්වා

16 comments:

  1. මං කැමතියි එයාගේ හැඩිවෙච්චි පෙනුමට

    ReplyDelete
  2. මහින්ද කියන චන්ද කොමසාරිස් ඩයල් එක ගැන අහල තියෙන දේවල් වගේම කියුම් කෙරුමුත් ඇති විශිෂ්ටයි. එතුමාට සුභ පැතුම්.! ෆොනී ත් ගියේ උබලයි ඉස්කොලෙටම නේ? 👊🏽

    ReplyDelete
    Replies
    1. ඊට එහා ඉතිහාසය ගැන කියනවනම් රෝහණ විජේවීරත් ගිහින් තියෙන්නේ ධම්සෝවට තමා..

      Delete
  3. එතුමාත් ඉතාම්ත් දක්ෂ සොල්දාදුවෙක්.

    ReplyDelete
  4. අම්බලන්ගොඩ හරහා යන එන නිසා අදාළ නෑ කියන්නම බෑ.. ආසාවෙන් කියෙව්ව :)

    ReplyDelete
  5. මැතිවරණ කොමාසාරිස් විධ්යට නම් ඔහු ඉතා හොඳයි. ඒත් මැතිවරණ කොමිසමේ සභාපති ලෙස කරන දේ නම් කැතයි

    ReplyDelete
  6. අා පොර එහෙමත් ඩයල් එකක්ද?

    ReplyDelete
  7. මන් දන්න තරමට නම් දම්සෝව තාමත් එහෙම්මමයි,නැගීම් බැසීම් ඇති.ඔය ටේබල් ටෙනිස් වලින් එහෙම තාමත් මන් දන්න විදියට මුල් තැන තියෙන්නෙ දම්සෝවට

    ReplyDelete
  8. මේ පොස්ටුව ලිවීම සම්භන්ධයෙන් මාගේ බලවත් සන්තෝසය ප්‍රකාශ කරමි.. ධම්සෝවේ ආදිසිසුවෙක් විදිහට දැනෙන ආඩම්බරය කියන්න වචන නෑ..

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. දම්සෝවට ආදරය කරන ආඩම්බර පුතෙක් විදියට ඔබතුමා පෙන්නාදුන්දේ ගැන මගේ හැගීමුත් එකතු කරන්න කැමතියි.ඔබතුම කිව්ව වගේ අපි ඉස්කෝලෙ යනකාලෙ ක්‍රීඩාවෙන් වගේම අධ්‍යාපනයෙන් බොහෝම හොද මට්ටමක හිටිය.මං O/L කරපු 93 අවුරුද්දෙ මුලු ඉස්කෝලෙන්ම එක ළමයටයි A/L කරන්න බැරි උනේ.මගේ මතකය නිවැරදිනම්.එහෙමට තිබුන ඉස්කෝලෙට වෙලා තියෙනදේ දැක්කාම හරීම හිත්වේදනාවක් දැනෙනව.
    දැන් මැකෝ නොහොත් මහින්ද සර් ගැන ඔබතුමා ලියපු දේවල් ටක්කෙටම හරි.බොහෝම ලගින් ඇසුරුකර මාගේ පියානන්ගේ ලගම හිතවතා විදියට මන් එතුමා ගැන හොදට දන්නව.පාසලට පණමෙන් ආදරය කරන පුද්ගලයෙක්.ඔබතුමාගෙ සාදාරන නඩුව විභාගයට ගන්නකොට ඒකෙ මගේ පියාණනුත් කොටස් කාරයෙක් වෙනව.මොකද දෙන්නම තකට තක.අපිට තරමටම දම්සෝවට ආදරය කල ඔහු දැන් අප අතර නැහැ.ඒ කොහොම උනත් මේ පෝස්ටුව මහින්ද සර්ගෙ ඇස ගැටේවි කියල හිතන්න බැහැ.එතරම් එතුමා කාර්යබහුලයි.මම උත්සහ කරන්නම් එතුමාට මේ නඩුව යොමුකරන්න.ඔබතුමාට තෙරුවන් සරණයි

    ReplyDelete
  11. හරිම සාධාරණ පැමිණිල්ලක්.මම හිතන්නේ එතුමා කෙලව ගත්ත එක තැනක් තමයි නොගැලපෙන අය ඇසුරු කිරීම සහ උන් මහලා දෙන ජංගි ඇඳ ගැනීම.ධම්සෝ පුතා කියනවා වගේ අපි මහින්ද සර්ට ආදරේ මැකෝ නිසා නෙවෙයි.මහින්ද සර් නිසා.රමණි මිස්ට ආදරේ රමණි මිස් නිසා.හැබැයි දැන් ලොක්කා එක්ක සෙල්ෆි ගහලා fb දාන උන්ව ඔයිට වඩා තව පොරක් ලොකු උනාම එතෙන්ට යනවා.එතුමාගේ කිර්ති නාමයෙනුත් සිවිල් බලයෙනුත් ඉස්කෝලෙට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද?

    ReplyDelete

  12. අපි (පෞද්ගලික ණය) පුද්ගලයින් විවිධ ණය ලබා හා වහා අවලංගු කරන්න අනුව 2% ක පොලී අනුපාතිකයක් යටතේ මළ සිරුරු සහයෝගයෙන්. මෙය ඔබ විශේෂයෙන් ලෝක මූල්ය අර්බුදය යන මත ඔබේ මුල්ය ස්ථාවරය උපකාර කිරීමයි. ඔබ 1000 අතර ණයට හැක - වැඩිදුර පරීක්ෂණ සඳහා 100,000,000 (පවුම්, යුරෝ හෝ ඩොලර්), කරුණාකර ඊ-තැපැල් (georgeanderson.loanfirm255@gmail.com) ශුබාශින්ෂණ හරහා අප හා සම්බන්ධ වන්න.

    ණය පර්

    ReplyDelete
  13. ඔබ ණය අවශ්ය වන්නේ ඇයි? පුද්ගලික ණය? ව්යාපාර ණය? උකස් ණය? කෘෂිකාර්මික සහ ව්යාපෘති අරමුදල්? අපි 2% පොළී අනුපාතිකය ණය, සියලු වර්ගවල ඉවත් දෙන්න! ඊ-තැපැල් සම්බන්ධ (georgeanderson.loanfirm255@gmail.com)

    ReplyDelete